Saturday , 7 September 2024

දඟර වනේ කම්බි වගේ….

කුමාර තිරිමාදුර කියන විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ උන කලාකරුවාගේ මෙවන්ම වූ නිර්මාණයක් මීට කලින් අපි ඉදිරිපත් කලා ඔබට මතක ඇති.
මෙතනින් එය ඔබට බලන්න පුළුවන්.
එවන්ම වූ තවත්ම නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. බලන්නකෝ මේක කොහොමද කියලා.
සංගීතය සහ පද රචනය විමල්ජිත් දොඹගහවත්ත
youtu.be/8udhC5fOi3A

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම

උඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පශ්චාත් භාගෙ යාන්තමින් කොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත්වෙන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන…

පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරන
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන…

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...