බ්‍රිතාන්‍යයේ ලාබාලතම මව්-පිය යුවළ: මවට අවුරුදු 12 යි, පියාට 13 යි

0
110

බ්‍රිතාන්‍යයේ 12 හැවිරිදි දැරියක 13 හැවිරිදි දරුවෙකුට දාව බිළිඳෙකු බිහි කර තිබේ.

බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ඔවුන් බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ ලෙස වාර්තා අතරට එක්ව සිටින බව ය.

රාත්තල් 7ක බරින් යුතුව ඔවුන්ගේ දරුවා උපත ලැබුවේ, පසුගිය සතියේදී ය.

ඇය ගැබිණියක වී ඇත්තේ, 11 වන වියේ ප්‍රාථමික පාසලක ඉගෙන ගනිමින් සිටියදී ය.

උතුරු ලන්ඩනයේ ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචිව සිටි ශිෂ්‍යයෙකු සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් දුර දිග යාමෙන් ඇය මවක බවට පත් වූවා ය.

https://www.youtube.com/watch?v=WFwX_lIPm9k