ඉදිවෙමින් පවතින උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුවනුයෙ ඉරාන – ලංකා රජය යටතේය. මෙම ඉදි කරමින් පවතින උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් වහා නවත්වන ලෙසත් නැතහොත් වෙනත් විකල්ප මාර්ගයක් යොදා ගන්නා ලෙසත් ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජනපතිට සහ අගමැතිට ලිඛිතව පැමිණිලි කර ඇත.
වැලිමඩ ඌව පරණගම ප්‍රදේශවලින් ආරම්භ වී බණ්ඩාරවෙල, ඇල්ල, වැල්ලවාය හරහා දැනට දීර්ඝ උමන් මං ඉදිකෙරෙමින් පවත්නා ඉරාන – ලංකා රජයන් යටතේ ක්‍රියාත්මක වන උමා ඔය ව්‍යාපෘතිය පරිසරය විනාශ කෙරෙමින් සිදු කෙරෙන්නක් බැවින් වහාම උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අත් හිටුවන ලෙස ඉල්ලමින් මාධ්‍ය හමුවක්ද බදුල්ලේ මාධ්‍යවේදීන් සහ අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියෙන් පිඩාවට පත්වු ජනතා එකමුතුව සංවිධානයේ නිළධාරීන් සමග ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.



