නව බස්රථ ලංගමට

0
98

-ශ්‍රී ලංකාවට බස්රථ 2200 ව්‍යාපෘත්ය යටතේමේ වන විටත් ලැබී ඇති සියලු ම බස්රථ ලබන සතිය වන විට ඩිපෝවලට බෙදා දී ධාවනයට එක්කරන බව ද එම බස්රථ 2200 න් 1060 ක් පමණ මේ වන විට ද ලැබී ඇති අතර ඉතුරු 140 ද නුදුරේම ලැබෙන බව ද මේ වන විට ලංගම ධාවනය කරන බස්රථ සංඛ්‍යාව 6000 ක් කිරීම ඉලක්කය වන බව ද බස් රථ ධාවනය සඳහා යෙදවීමෙන් එම ඉලක්කය සපුරා ගත හැකි බව ද අභ්‍යන්තර ප්‍රවාහන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන ලදී.
මෙසේ නව බස්රථ ධාවනයට එක් කිරීමත් සමඟ දැනට ධාවනයට යොදා ඇති අබලන් වූ බස්රථ 1100 ක් පමණ ධාවනයෙන් ඉවත් කිරිමට ද නියමිත බව ඒ මහතා අනාවරණය කරනු ලැබේ.