විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සත්දෙනෙකු සාමාජිකත්වය හැර යයි.

0
119

-විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු කොමිසමේ සාමාජිකයෝ 7 දෙනා (කොමිසමේ උප සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න හා සාමාජිකයින් වන අභය ගුණරත්න, සුබ්‍රමනියම් මොහාන්දාස්ථ මල්කාන්ති චන්ද්‍රසේකර, නලින් ද සිල්වා, සුදන්ත ලියනගේ යන මහාචාර්යවරු) ඉකුත් සඳුදා (9) උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇත. එහෙත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ වෙනුවට නව සාමාජිකයන් පත් කැර නැති බවට තොරතුරු අනාවරණය වේ.