-විශ්වවිද්‍යාල සිසුන්ට හිමිවන මහපොළ ශිෂ්‍යාධාර මුදල ජුනි මාසයේ සිට රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (23) ප්‍රකාශ කරන ලදී. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ පොරොන්දු වූ කාලයට මාසයකට පෙර සිට මෙම ශිෂ්‍යාධාර දීමනාව මෙලෙස වැඩි කිරීමට තීරණය කළ බවයි.කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන මෙම මහපොළ ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක අර්බුදකාරි තත්ත්වයක් ද මතුව ඇති අතර පසුගිය රජය යටතේ මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල රුපියල් 4000 දක්වා වැඩි කරන බව ප්‍රකාශ කළ ද විශ්වවිද්‍යාල රැසක සිසු සිසුවියන්ට එම වැඩි කළ මුදල මෙතෙක් හිමිවී නොමැත.කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රිපාලි මණ්ඩපයේ සිසු සිසුවියන් ඊයේ දහවල් එම විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ මාර්තු මාසයේ සිට හිමිවිය යුතු රුපියල් 4000 මහපොළ ශිෂ්‍යාධාරය පාලනාධිකාරියේ මැදිහත් වී කප්පාදු කර ඇති බව පවසමිනි.
විශ්වවිද්‍යාල කිහිපයක මහපොළ ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සදහන් කළේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...