ශ්‍රී ලංකා, යුන්පී දීගයක්

-ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සමඟ එක්වීමට වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළා. ඒ, අළුත්ගම ප්‍රදේශයේ පැවැති උත්සවකට එක්වෙමින්. අමාත්‍යවරයා කියා සිටියේ මේ දක්වා පැවැති සාකච්ඡුා වලට අනුව එම ක්‍රියාමාර්ගයන් සිදුවනු ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුවහොත් එය මෙරට සිදු වූ ඓතිහාසික තීන්දුවක් ලෙස ඉතිහාස ගත වනු ඇති බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත හමුවක් අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට කැබිනට් අමාත්‍ය ධුර පහළොවක් ලබාදීමට තීරණය වී ඇති බවට තොරතුරු වාර්තා වුණා. නව ඇමති මඩුල්ල අද හෝ හෙට දිවුරුම්දීමට ද නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මෙම පුවත වී ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ දිනයේද වාර්තා කළා. කැබිනට් අමාත්‍ය ධුර පහළොවට අමතරව කැබිනට් නොවන අමාත්‍යධුර දොළහක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර දහයක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදීමට නියමිතව ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද කල ප්‍රකාශයත් සම`ග මේ බව නිශ්චිතව තහවුරු වී තිබෙනවා.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...