මම නායකත්වයේ ඉන්නේ පක්‍ෂයේ උන්නතිය උදෙසායි – විපක්ෂනායකතුමා කියයි

මම පක්‍ෂ නායකත්වයේ තවදුරටත් රැඳී සිටින්නේ පක්‍ෂයේ උන්නතිය වෙනුවෙනුයි. මට මුහුණදීමට සිදුවූ දෙයට වෙන කෙනකු මුහුණ දුන්නා නම් ඔහු පක්‍ෂය දමා යනවා. එජාපය විනාශ කරන ආණ්‌ඩුවේ සහාය ලබන කුමන්ත්‍රණවලට හසු නොවී ඉවසිලිවන්තව ක්‍රියා කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලාසිටින බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය.

මම පක්‍ෂ නායකත්වයේ රැඳී ඉන්නේ ඇයි කියා සමහරු චෝදනා කරනවා. නමුත් මම නායකත්වයේ ඉන්නේ පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන්. වෙන කෙනෙක්‌ මේ තනතුරේ හිටියානම් ඔහුට එල්ල කරන අපහාස චෝදනා හමුවේ දරාගත නොහැකිව පක්‍ෂය දමා යනවා.

මම ගියොත් මේක භාරගන්න කිසි කෙනෙක්‌ පේන්න නැහැ. මගේ යහපත වෙනුවෙන් නොව පක්‍ෂයේ යහපත වෙනුවෙන් මම ඒ සියල්ල ඉවසාගෙන ඉන්නවා.

මාව ඉවත්කළ යුතුයි කියන පිරිස්‌ මෙහෙයවන ආණ්‌ඩුවේ කුමන්ත්‍රණයක්‌ තියෙනවා. ඊට ඇතැම් මාධ්‍ය ආයතනත් අනුග්‍රහය දෙන බව කනගාටුවෙන් වුවත් කියන්න වෙනවා.

අපි ඔක්‌කොම එකතුවෙලා අලුත් ගමනකින්, අලුත් ක්‍රමයකින් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යා යුතුයි. සමහරු මාව විවේචනය කරනවා. සමහරු මට හොඳ කියනවා. මට චෝදනා කරන අයට මගේ කාමරයට ඇවිත් ඒ චෝදනා නිර්භයව කියන්න පුළුවන්. මම විවෘතයි. ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් එය සාකච්ඡා කර විස¹ ගන්න පුළුවන්.

හර්මන් ගුණරත්න මහතා ගැන මම බොහොම විශ්වාසයකින් හිටියේ. වෙඩි තැබීමේ සිද්ධියකට ඔහු සම්බන්ධ වෙයි කියා මම සිතුවේ නැහැ. මගේ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත (රත්තරං) වෙඩි වැදී තුවාල ලබලා. අප ගිහින් බැලුවහම ඔහු කියපු දේවල් අනුව ආණ්‌ඩුවේම උපදේශකයනුත් මෙවැනි දේකට සම්බන්ධ බව පෙනී යනවා. අපි අපේ අඩුපාඩු ඔක්‌කොම එකතු වෙලා නිවැරැදි කර ගමු. හෙට අනිද්දා මම ගන්න ක්‍රියාමාර්ග ප්‍රකාශ කරනවා.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...