13.1 C
London
Friday, November 14, 2025
spot_img

එජාප ගැටුම අතරේ පළාත් සභා……

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත‍‍්‍රී ක්‍‍්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්* මහතා වෙඩි වැදීමෙන් රෝහල්ගත කර තිබේ. ඒ මංගල සමරවීර මහතා ඇතුඵ එකසත් ජාතික පක්ෂ පෙළපාලිකරුවන් හා මෛත‍‍්‍රී ගුණරත්න පාර්ෂවයේ පෙළපාලිකරුවන් අතර ඇතිවූ ගැටුමේ දී වෙඩි වැදීමෙනි.

තවත් තුවාලකරුවන් 7 දෙනකු පමණ රෝහල්ගත කොට ඇතැයි සඳහන් වෙයි. ගැටුමෙන් තුවාල ලැබූ මෛත‍‍්‍රී ගුණරත්න මහතාගේ පුත‍‍්‍රයා සහ රියදුරා ද මේ වනවිට මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍‍්‍රතිකාර ලබමින් සිටියි. මේ වනවිට විරෝධතාව මාතර නගරයේ දී පොලිසිය විසින් නවත්වා ඇත.
මෛත‍්‍රිගේ පියා අත්අඩංගුවට

ශිරාල් -මෛත‍්‍රී ගේ පෙළපාලියේ ගමන් ගත් පිරිස්, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආධාරකරුවන්ට වෙඩි තබා ඇති වාර්තාවේ. මාතර නගර මධ්‍යයේ පිහිටි නගර සභාව අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

එම පෙළපාලියේ ඉදිරියෙන්ම පැමිණි මෛත‍්‍රි ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බවත් මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා මාධ්‍ය වෙත පැවසිය.

හර්මන් ගුණරත්න මහතා විසින් තැබු වෙඩි ප‍්‍රහාරයෙන් නගර සභාවේ සේවයකු තුවාල ලබා ඇත. එම තත්වය තුල නගර සභා සේවකයින් ඔහුව අල්ලාගෙන පොලිසියට බාර දී තිබේ.

මෛත‍්‍රිගේ පෙළපාලියට මාතරදී රනිල්ගේ ආධාර කරුවන් වෙඩි තබයි,වෙඩි සහ පොලූ‍ පහර කෑ පිරිසක් රෝහලට
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි පෙළපාලියට අද (05* දහවල් මාතර නගර සභාව ඉදිරිපිටදී වෙඩි ප‍්‍රහාරයක් එල්ල විණ. පෙළපාලිය නරඹන්නට මාර්ගය අද්දරට පැමිණ සිටි නගර සභාවේ ඕවර්සියර්වරයකු වන ඩබ්.ඒ.දිලූ‍ම් පද්මසිරි මහතාට වෙඩි පහර වැදීමෙන් තුවාල ලබා මාතර රෝහල වෙත රැුගෙන යනු ලැබීය.
ඔහු අසලම සිටි මගේ කන ළඟින් වෙඩි ප‍්‍රහාරය ඇදී ගිය ආකාරය මට හොඳින් දැනුනි. මා අසලම සිටි දිලූ‍ම් පද්මසිරි මහතා ඇද වැටුණේය. අප කවුරුත් සිතුවේ රතිඤ්ඥා පුපුරණ බවකි. නමුත් ඒ වෙඩි ප‍්‍රහාර බව තේරුම් යත්ම අප සියලූ‍ දෙනා නගර සභාව තුළට දිව ගියෙමු.

මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ දොඩම් වෙළෙඳසල් අසල සැඟ වී සිටි පිරිස බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ. වෙඩි ප‍්‍රහාරයත් සමග පොලූ‍ රැුගත් මෙම කල්ලිය පෙළපාලිකරුවන් අතරට අසභ්‍ය වචනවලින් බැන වදිමින් කඩා පැන පොලූ‍ පහර එල්ල කරන්නට පටන් ගත්හ.
පොලූ‍ පහරට ලක් වී තුවාල ලැබූ තවත් හය දෙනෙක් මාතර මහ රෝහල වෙත රැුගෙන ගියහ. මුළු මාතර නගරය කැළඹී තිබේ. වාහන තදබදය ඉමහත්ය. පොලිස් කැරළි මර්ධන කණ්ඩායම් අවි අතැතිව නගරයට ඇතුළු වී සිටිති. පෙළපාලියේ සටන් පාඨ ප‍්‍රචාරය කරමින් ඉදිරියෙන් ගමන් කළ ප‍්‍රචාරක රථයට මැරයන් විසින් එල්ල කළ ප‍්‍රහාරයෙන් බරපතල හානි සිදු වී තිබේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

 

images: lankadepa,rivira,Dailymirror

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles