උපුල් ගේ ගල් කතාවෙන් නාමලු ත් ගස්

කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මැරෙන තෙක් බලා සිටින බවට දකුණු පළාත් සභා ඇමැති ඩී.වී. උපුල් මහතා තිස්සමහාරාම ‍රැස්වීමකදී කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 12දා රහස් ෙපාලීසියට පැමිෙණන ෙලස දැනුම් දී අැත. ඩී.වී. උපුල් මහතා පසුගියදා තිස්සමහාරාම රැස්වීමකදී කළ එම පකාශය සම්බන්ධව කට උත්තර ලබා ගැනීම සඳහා ඔහුට ඊයේ රහස් පොලිසිය ඉදිරියේ පෙනී සිටීමට දැනුම් දී තිබුණි.

ඒ අනුව ඩී.වී. උපුල් ඊයේ පෙරවරු 9.00 ට රහස් පොලිසියට පැමිණ සිටියේ ය. පෙරවරු 9.00 සිට පස්වරු 5.00 වන තෙක්ම රහස් පොලිසිය ඔහුගෙන් එම ප්‍රකාශය සම්බන්ධව ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබුණි.ඉන් අනතුරුව රහස් පොලීසිය විසින්  පස්වරුවේ අත්අඩංගුවට ගත් ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත.

සී.වී. උපුල් විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සම්බන්ධව තිස්සමහාරාම රැස්වීමේදී කර ඇති ප්‍රකාශය මෙසේ ය.

“මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් කට්ටාගේ සිට ඩී.අයි.ජී. දක්වා සෑම එකෙකුගේම නම් අරගෙන පොලිස් කූඩුවට දමා ගල් ගසා මැරෙන තුරු බලා සිටිනවා” යනුවෙනි.

නාමල් රාජපක්ෂ මහතාට ලබන 12 වැනිදා රහස් පොලිසිය ඉදිරියේ පෙනී සිටීමට දැනුම් දී තිබේදැයි යන්න සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ රහස් පොලිසිය තමාව ඒ සම්බන්ධව දැනුවත්කර නැති බවයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...