ප්‍රවීන සාහිත්‍යධරයෙක් සහ උපකාරක පංති ගුරුවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා දේශපාලනයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනය නියෝජනය කරමින් දේශපාලනයට එක්වීමට නියමිත බවයි.ඉදිරි මහ මැතිවරණයට රත්මලාන ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඒ මහතා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.
සන්නස්ගල මහතා පැවති මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීම සඳහා කටයුතු කල සිවිල් ක්‍රියාධරයෙක්ද වෙයි. ස්වාධින රූපවාහිනියේ ඒ මහතා මෙහෙයවු “සත්‍යාගාරය” වැඩසටහන ද අතිශය ජනප්‍රියත්වයට පත්විය.
මීට වසර ගණනාවකට ඉහත ඒ මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් සබරගමුව පළාත් සභාවට තරඟ කරන ලෙස ආරධනා කළද ඒ මහතා එම ආරාධනාව පිළිනොගත් අතර එය ප්‍රතික්ෂේප කළේද නැත.