Wednesday , 22 January 2025

ගෙදර සිටම වාහනයේ පොත පරීක්ෂා කර ගන්න. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අළුත් වැඩක්.

වාහනයක පොත නිවැරදිදැයි ගෙදර සිටම බලාගැනීමට හැකි සේවාවක් ස්ථාපිත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වේ.

මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ අන්තර් ජාලය ඔස්සේ මෙම සේවාව ලබාදෙන බවත් ඒ සඳහා යම් මුදලක් අය කරන බවයි.

“මෙම සේවාව ස්ථාපිත කිරීමට මේ වනවිට සියළුම කටයුතු යොදලයි තිබෙන්නේ. තව නොබෝ දිනකින්ම මෙම සේවාව ක්‍රියාත්මක කරනවා.“

වාහනයක පොත නිවැරදිදැයි පරීක්ෂා කර ගැනීම සඳහා මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යා යුතුවේ.

මේ වනවිට, මෙරට වාහන ලියාපදිංචිය වැඩිවී තිබෙන බවද හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...