උතුම් වෙසඟේ අදිටන් කරගතයුතු වැදගත්ම කාරණා..
කිචෙඡා මනුස්සපටිලාභො – කිචඡං මච්චාන ජීවිතං
කිචඡං සද්ධම්මසවණං – කිචෙඡා බුද්ධානං උප්පාදෝ
“මනුසත් බව ලැබීම අපහසුය. මනුශ්‍යන්ගේ ජීවත්වීමත් අපහසුය. සත්ය ධර්මයක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. බුදුවරයන්ගේ ඉපදීම අතිශයින්ම දුර්ලභයි”
-ධම්ම පදය, බුද්ධවග්ග 182.
ලෝකවාසී බොදු ජනයාගේ සිත් සතන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් උතුරා යන උතුම් පොහොය දිනය වෙසක් පුන් පොහෝ දිනයයි. තිලෝගුරු බුදු හිමියන්ගේ උපත ලැබීම, බුද්ධත්වය හා පිරිනිවන් යන උතුම් මංගල්ය යන් සිදු වූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනයකයි. සිද්ධාර්ථ කුමරුන් ගේ ජන්ම දිනය මෙන්ම බෝමැඩ දී සම්බෝධියට පත් දිනයත් සිහි කරනුයේ ඉමහත් ශ්‍රද්ධාවෙන් යුක්තවයි. ඒ එම සිදුවීම් කවදත් ආශිර්වාදාත්මක වන නිසාය.
බුද්ධ පරිනිර්වාණය උතුම් මංගල කාරණයක් ලෙස අද දින සැමරීම විශේෂත්වකි. බුද්ධ දේශනාව නම්, මේ දිගු සංසාර ගමන කෙලවර කොට නිවන් පසක් කර ගැනීමයි. බුදුන් වහන්සේ නැවත උපතක්, මරණයක් නොමැති සම්බෝධියට පත් වීම සතුටු දායක පුවතකි. සර්වඥයන් වහන්සේ අනුපධිසෙස නිවන් සැනසීමද උතුම් වෙසඟේ බුදු තෙමඟුල සිහි කරමින් විවිධ පින්කම් සිදුකර ගැනීමට අවස්ථාව උදාවී ඇත. තෙමඟුල මුල්කර ගනිමින් සිදුකරන පින්කම් අතරතුර සිතේ ඇති අයහපත් අකුසල ධර්මයන්, වැරදි සිතුවිලි ඉවත් කර යහපත් සිතුවිලි වර්ධනය කරගැනීමට සුදුසු කාලයකි වෙසක් සමය. අසිරිමත් සිදුවීම් රැසකට පසුබිම් වූ වෙසක් පොහෝ දිනය බොදුනුවන්ගේ බුද්ධාලම්බන ප්රීතතිය ඇතිකරවන දිනයක් ලෙස හැඳින්විය හැකිය. එවන් උතුම් දිනයක අප තථාගතයන් වහන්සේ දේශනාකෙට වදාළ ශ්රීව සද්ධර්මය පිළිපදිමින් ධර්මානුකූලව ජීවත් වීමට මග පාදා ගැනිම වැදගත් කටයුත්තකි.
මාතෘකා ධර්ම පාඨයේ දැක්වෙන ගාථා ධර්මය අරැණවතී සූත්රියට අයත් ප්රජකට ගාථාවකි. මහා සංඝයා වහන්සේ එක්රස් වූ විට මුලින්ම මෙම ගථාව සජ්ඣායනය කොට අනෙක් කටයුතු ආරම්භ කරයි. මෙහි දැක්වෙන ” ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනේ්ා ” යනුවෙන් ආරම්භ කරන්න, ඉදිරියට යන්න, බුදු සසුනෙහි යෙදෙන්න. මෙහි බුද්ධ සාසනේ, යනු බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්රීර සද්ධර්මයයි. මාරසේනාව පලවා හැරීම සඳහා ධර්මය පිළිපැදීමට ආරම්භ කරන්න. ඉදිිරියට යන්න, එහි යෙදෙන්න. එය හරියට “නලාගාරංච කුඤ්ජරෝ ” බටදඬුවලින් සකස් කළ නිවසක් අතෙකු විසින් සුණු විසුණු කැන්නේ යම් සේද එපරිද්දෙනි. අරුණවතී සූත්රෙුය්දී බුදුන් වහන්සේ දී ඇත් අවවාදය අප්රනමාදව ධර්ම විනයෙහි යෙදී සිතේ ඇති ලෝභ, ද්වේශ, මෝහ අකුසල මුල් විනාශ කර දමා තම විමුක්තිය සලසා ගන්නා ලෙසයි.
යො ඉමස්මිං ධම්ම විනයේ – අප්පමත්තෝ වහෙස්සති
පහාය ජාති සංසාරං – දුක්ඛස්සන්තං කරිස්සති.
අප විසින් යම් කිසි කටයුත්තක් කිරීමට අවශ්ය් වූ විට, ඒ සඳහා යොමු වීම, ඉදිරියට කරගෙන යාම සහ එහි නියුක්ත වීම කළ යුතුය. බුදුන් වහන්සේගේ දහමෙහි නියුක්ත වීමද හසේම වෙයි. දහම පොතපතෙහි තිබුනත්, ධර්මපාඨ මතකයේ තිබුනත් ඒවා පිළිපදින තුරු ප්රිතිඵලයක් ලද නොහැකිය. ඇතැම්විට නිවැදි මඟට යොමු වීමට ආරම්භක ශක්තිය ලබාගැනීම උගහටය. ඒ සඳහා උට්ඨාන වීර්ය අවශ්යවමය. එමෙන්ම ආරම්භ කරන ලද කටයුත්ත ඉදිරිට කරගෙන යාමට උත්සහාය නොවඩුව තිබිය යුතුය. මෙහිදී බුදුන් වහන්සෙගේ අවවාදය නම් වත් පිළිවෙතෙහි දහවෙහි නියුක්තව කටයුතු කිරීමයි.
එලෙස නොපමාව දහමෙහි යෙදී ජීවත් වන පුද්ගලයා මේ ඝෝර වූ සංසා රගමන නවතා සියලු දුක් කෙළවර කොට උතුම් වූ නිවනට පත්වේ. සියලු බුදුවරයන් වහන්සේලා දේශනා කළ නිවන් මාර්ගය චතුරාර්ය සත්ය මාර්ගයයි. එම මාර්ගය කලින් කලය බුදුවරයන් වහන්සේ නමකගෙන් තවත් නමකට වෙනස් වන මාර්ගයක් නොවේ.
එය මේ ලොව පවතින සදාතනික සත්ය යි. බුදුරජාණන් වහන්සේ ලොව පවතින සදාතනික වූ දුක්ඛ සත්යිය අවබෝධ කරගත් අතර එය ඇතිවීමට බලපෑ හේතුවද මැනවින් අවබෝධ කරගත්හ. එමතුද නොව නැතිකිරීම මඟින් ඇතිකර ගත හැකි උසස් තත්වය ගැන ද වටහාගත් බුදුරජාණන් වහන්සේ, ඊට අදාලව පිරියයුතු පිළිවෙත සහිත මාර්ගය ලොවට හෙළි කොට වදාළ සේක. ඒ දහම් මගෙහි ගමන්කරන ගිහි පැවිදි සියලු දෙන දන් සින් බවුන් වඩමින් කෙමෙන් එම ගැඹුරු මාර්ගයට යොමුවීට උත්සහවන්ත විය යුතුය.
මේ උතුම් වෙසඟේ අධිටන් කරගත යුතු වැදගත් කරුණ නම් මහ හඬ නංවමින් මහ දන්සල්, මහ පින් කම් සිදුකළත් සිත තුල පරිත්යාවගය පිළිබඳ වැටහීමකින් තොරව වෙනත් අපේක්ෂා සහිතව සිදු කඝහොත් එය නිෂ්ඵල ක්රි යාවකි. සිතේ මනා පැහැදීම සහිතව එක් මලක් එක් බත් පිඩක් අන් අයෙකුට පරිත්යාතග කළ ද එය මහත් වූ ආනිසංස ලබාදෙන්නක් ලෙස සිහිතබා ගත යුතුය.
මේ උතුම් දිනයේ අප සර්වඥයන් වහන්සේ වෙනුවෙන් සිදු කරන ආමිස පූජාවන් වඩාත් අර්ථවත්ව හා විධිමත්ව මෙලොවටත් පරලොවටත් ප්ර යෝජනවත් ලෙස සිදු කිරීම උන්වහන්සේට කරන උසස්ම පූජාවයි. දන්සැල්, තොරන්, පහන් කූඩු, ආදී අවස්ථා වල හැම විටම මේ සියලුදේ තෙරුවන් වෙනුවෙන් සිදුකරන පූජාවන්ය යන කල්පනාවෙන් යුතුව බුද්ධ ගෞරවය. ධම්ම ගෞරවය. සංඝ ගෞරවය ආරක්ෂා වන පරිදි සිදු කිරීමට බොදු, ළමා, කරුණ මහලු සියලු දෙනා මතකයේ රඳවාගත යුතු කාරණයයි.
ඇතෙකු බට පතුරැ නිවසක් දුණු විසුණු කරදමන්නාක් මෙන්, සියලු කෙලෙසුන් නසා උතුම් නිර්වාණ සුවය ලබා ගැනීමට අප සියලු දෙනාම මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේදී අදිටන් කරගනිමු. තෙරුවන් සරණයි !