විග්නේෂ්වරන් කැබිනට් මණ්ඩලයට… උතුරේ කැරැල්ලක් October 12, 2013 Comments Off on විග්නේෂ්වරන් කැබිනට් මණ්ඩලයට… උතුරේ කැරැල්ලක් 4 Views තුරු පළාත් නව මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට අමාත්‍ය මණ්ඩල රැස්වීමට ආරාධනා කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව තමන්ගේ බල ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට මධ්‍යම රජයේ සහාය අවශ්‍ය විටෙක ඒ සඳහා පළාත් මහ ඇමතිවරයා මගින් කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත් කිරීමටද ඔහුට අවසරය ලැබෙනු ඇත. විපක්‍ෂයක් නියෝජනය කරන පලාත් මහ ඇමතිවරයෙකුට කැබිනට් රැස්වීමට ආරාධනා ලද පළමු අවස්ථාව මෙයයි. මේ අතර දෙමල මාධ්‍ය වාර්තා කරන්නේ විග්නේෂ්වරන් මහතා කැබිනට් රැස්විමට පැමිණියහොත් ඔහුට එරෙහිව දැඩි දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනීමට දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරුන් තීරණය කර ඇති බවයි. මේ බව දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාට දැනුම් දී ඇත. Share featured Latest slider 2013-10-12 ceylonradio Share Facebook Twitter Google + Pinterest