Wednesday , 22 January 2025

මේක රජ ගෙදර වටලප්පම් කුමන්ත‍්‍රණයක් – විජිත හේරත්

2005 ඉඳලා මේ ඇමතිවරු බඩ පැළෙන්න කෑවා..
කඬේ යන කොල්ලා රජ ගෙදරට බඩු ගේන්න යන ගමන් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතා කියනවා..

අතුරුපසට වටලප්පම් කන්න ගෙනාපු මේ ජනාධිපතිවරණය හේතුවෙන් ආණ්ඩුවේ පුද්ගලයින් අකරතැබ්බයකට මුහුණ දී ඇති බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එම මාධ්‍ය හමුවේදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් අදහස් දැක්විය. මේ ජනාධිපතිවරණය නීති විරෝධීයි. ආණ්ඩුව යොදාගන්නා ප‍්‍රචාරක කටයුතුත් නීති විරෝධියි. මහින්ද අමරවීර ඇමතිවරයා කිව්වා දැන් ආණ්ඩුවේ අය බඩ පිරෙන්න කාලා ඉන්නේ වටලප්පම් ටිකක් කන්නයි තියෙන්නේ කියලා. අතුරුපසට වටලප්පම් කන්න ගෙනාපු මේ ජනාධිපතිවරණය නිසා ආණ්ඩුවේ අය මහ අකරතැබ්බයකට මුහුණ දීලා. මේකට උපමා කතාවක් කියන්න තියෙනවා.

අතීතයේ දඹදිව බමුණන් පිරිසකට පවත්වපු සංග‍්‍රහයකදී එක් බමුණෙක් බඩ පිරෙන්න කාලා ඉස්මුරුත්තාවෙන් අමාරුවෙන් පැත්තකට වෙලා හිටියා. එතනට ආව තවත් බමුණෙක් ඔහුට උපදෙසක් දුන්නා කටට ඇ`ගිල්ලක් දාලා වමාරන්න එතකොට පහසුවක් දැනෙයි කියලා. එතකොට බඩ පිරෙන්න කාපු බමුණා දුන්නු උත්තරය තමයි ඇ`ගිලිලක් දාන්න පුළුවන්නම් තව කෙහෙල් ගෙඩියක් ඔබාගන්නවා කියලා. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට වෙලා තියෙන්නෙත් ඒකයි. 2005 ඉඳලා මේ ඇමතිවරු බඩ පැළෙන්න කෑවා.

2016 කැඳවන්න තිබුණු මේ ජනාධිපතිවරණය වසර 2ක් කලින් කැඬෙව්වේ මහින්ද රාජපක්‍ෂයි. මහින්දම කැඳවපු මැතිවරණය තමන්ට බරපතළ වෙනකොට කළබල වෙලා ද`ගලනවා. ශී‍්‍ර.ල.නි.පයේ ලේකම් මෛත‍්‍රීපාල ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් අයින් වුණා. ඒ නිසා මහින්ද කලබල වුණා. ඒ වගේම රජගෙදර කඩේ යන කොල්ලත් කලබල වුණා. එහෙම කලබල වෙච්ච කඬේ යන කොල්ලා රජ ගෙදරට බඩු ගේන්න යන ගමන් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතා කියනවා. කුමන්ත‍්‍රණයක් තියෙනවා නම් ඒක කැඳවාගත්තේ මහින්ද රාජපක්‍ෂයි.

මේ ජනාධිපතිවරණය කැෙ`දව්වේ තානාපති කාර්යාලවත් ඩයස්පෝරාවවත් ජාත්‍යන්තර බලවේගවත් නෙවෙයි. මේ කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන විත්තිකාරයා මහින්ද රාජපක්‍ෂ. ඇත්තම කථාව නම් මේක රජ ගෙදර වටලප්පම් කුමන්ත‍්‍රණයක්. දැන් ජනාධිපතිවරයාගේ පියවි සිහිය නැතිවෙලා විකාර දොඩවනවා. ඇමතිවරු කියන කතා එකිනෙකට පරස්පරයි. ආණ්ඩුවේ ඇමතිවරු දැන් රූපවාහිනී විවාදවලට එන්නෙත් නැහැ. ජේ.වී.පී. එක එනවානම් අපි එන්නේ නැහැ කියනවා. සමහර විවාදවලට එන ඇමතිවරු කළබලවෙලා ද`ගලනවා. හිටි හැටියේ වාද විවාදවලින් නැගිටලා යනවා.

ඩලස් අලහප්පෙරුම කියනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න අත් දෙකම උස්සලා සහාය දෙනවා කියලා. ඩලස්ලා 18ට ඉස්සුවෙත් ඔය අත් දෙකම තමයි. වාසුදේව කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවනම් මෛතී‍්‍රපාලටත් සහාය දෙනවා කියලා. ආණ්ඩුව කියන විදියට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් තියෙනවා නම් ඩලස් අලහප්පෙරුමලත් ඒ කුමන්ත‍්‍රණයේ හවුල්කාරයෝ. දැන් මේ ආණ්ඩුවත් හරියට පිස්සං කොටුවක පිස්සෝ බෝම්බයකට කලබල වුණා වගේ කළබල වෙලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත‍්‍රීපාල ඇතුළු කණ්ඩායමක් එළියට බැහැලා ආණ්ඩුවට එරෙහිව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ ගමන් ආණ්ඩුව මේ විදියට කළබල වුණා.

ජනාධිපතිවරයා ෆයිල් කතාවක් කිව්වේ කළබලෙන් වියරු වැටිලා. ජනාධිපතිවරයා තමන් ළ`ග ෆයිල් තියෙනවා කිව්වාම රටේ ජනතාවට තේරෙන දේ තමයි වංචා දුෂණ චෝදනා තියෙන ඇමතිවරු ආණ්ඩුවේ ඉන්න බව. එහෙම කියන කෙනාගෙත් ෆයිල් ගැන ජනතාව හොඳට දන්නවා. මේ ෆයිල්ලන්තේ ෆයිල් රජා කියන කතාව ජනතාවට හොඳට තේරෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා කිව්වා මාස අටේ ලඅම්මා කියාගන්නවත් බැරිල දරුවෙක් ඔහුට ජයවේවා කිව්වාලූ. මාස අටේ දරුවත් දන්න ජනාධිපතිවරයා මොකටද රට පුරා හැම ලයිට් කණුවකම තමන්ගේ කටවුට් එල්ලන්නේ. ඔහු අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කරනවා.

මැතිවරණ කොමසාරිස්ට, පොලීසියට කටවුට් ඉවත්කරන්න පුළුවන්කමක් නැහැ. ඒ කටවුට් සවි කරන්නේ රාජ්‍ය ආයතන පාවිච්චි කරලා. ප‍්‍රාදේශීය සභා, නගර සභාවල සේවකයෝ, වාහන යොදාගෙන ප‍්‍රචාරක කටයුතු කරනවා. ඇත්තටම මේ ආයතනවල සේවකයෝ අසරණ වෙලා. මාර්ග සංවර්ධන, වරාය ඇතුළු ආයතනවල රාජ්‍ය සම්පත් යොදාගන්නවා. ඒ විතරයක් නෙවෙයි රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට දේශපාලන වේදිකාවට නගින්න නීතිමය බාධාවක් තිබියදී අයියගේ අත්තනෝමතික බලය පාවිච්චි කරමින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය මැතිවරණ වේදිකාවට නගිනවා.

මේවන විට ගම් මට්ටමින් රු.2500/} ගානේ ඛෙදන්න පටන් අරගෙන. බදුල්ල ප‍්‍රදේශයට වැස්සෙන් අපහසුතාවයට පත්වුණාය කියලා ආධාර ඛෙදනවා. ඇවන් ගාඩ් කියලා හදාගත්තු සමාගම් යොදාගෙන ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු මෙහෙයවනවා. ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් තමන්ගේ මැතිවරණ වැඩට යොදාගන්නවා. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතනවල මුදල් යොදාගෙන පුවත්පත්වල දැන්වීම් පළ කරනවා. ඇතැම් රූපවාහිනී වැඩසටහන්වලට විදුලිබල මණ්ඩලයෙන් කෝටි එකහමාරේ දෙකේ පැකේජ්වලට අනුග‍්‍රාහක දැන්වීම් පළකරනවා. විශ‍්‍රාමිකයින්ට රජයේ ආයතන පාවිච්චි කරමින් අල්ලස් ලබාදෙනවා. ඔවුන්ට ජංගම දුරකථනයක් සම`ග කළ ගුණ නමින් අලූත් දුරකතන සම්බන්ධතා ලබාදෙනවා. මේ විදියට රාජ්‍ය දේපළ ජනාධිපතිවරයාගේ ඡන්ද වැඩට යොදාගැනීම බරපතළ අපරාධයක්.

ඒ විතරක් නෙවෙයි ජනතාවට සහන දෙන්න පුළුවන්කම තිබියදී සහන නොදී ඉන්න මේ ආණ්ඩුව මැතිවරණයක් ආවාම පෙට‍්‍රල්, ඩීසල්, ගෑස් මිල පහළ දානවා. ආණ්ඩුවට එල්ල වෙලා තිඛෙන ජනතා විරෝධය සමනය කරගන්න මැතිවරණ සමයේ මේ විදියට සොච්චම් ප‍්‍රමාණයකින් මිල පහළ දානවා. මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69 දක්වා පහළ බැහැලා තියෙනවා. එම සහනය ජනතාවට ලබාදීමට හැකියාව තිබියදී ලබාදෙන්නේ නැහැ. 2005දී ගෑස් සිලින්ඩරයක මිල තිබුණේ රු. 850ක්. එය පසුගිය ඌව පළාත් සභා මැතිවරණය වන විට රු. 2396/} දක්වා රු.1546/}කින් රාජපක්‍ෂ ආණ්ඩුව ඉහළ දමා තිබුණා. ඌව ඡුන්දෙට රු.250ක් අඩුකළා.

දැන් මේ ජනාධිපතිවරණය නිසා රු. 250ක් අඩුකළා. ඒත් 2005 ඉඳලා මේ වනවිට රු. 1046කින් ගෑස් සිලින්ඩයක මිල වැඩිවෙලා තිඛෙනවා. ගෑස්වලට පෙට‍්‍රල්, ඩීසල්වලට එකතු කර තිඛෙන අසීමිත බදු අඩුකළහොත් ලෝක වෙළඳපොලේ මිල අඩුවෙන ප‍්‍රමාණයට ජනතව සහනයක් ලබාදෙන්න පුළුවන්. මේ ආණ්ඩුවෙන් තව ඇමතිවරයෙක් දෙන්නෙක් විරුද්ධ පක්‍ෂයට ගියොත් ඩීසල් පෙට‍්‍රල් නොමිලේ දෙන්නත් පුළුවන්. එනිසා ජනතා බලය වැඩිවෙන තරමට මේ ආණ්ඩුවෙන් සහන ලබාගන්න පුළුවන්කම තිඛෙනවා. ආණ්ඩුවෙන් එලියට ආපු අය අද ජනතා විමුක්ති පෙරමුණ එදා ඉඳලා කියපු දේවල් කියන්න පටන් අරගන තියෙනවා. ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ගේ කටින්ම අපි කියපු දේවල් එළියට එන එක ගැන අපි සතුටු වෙනවා.

මේ වන විට ආණ්ඩුව ජවිපෙටත්, විපක්‍ෂයටත් එරෙහිව විවිධ කණ්ඩායම් යොදාගැනීමේ උත්සාහයක් තිඛෙනවා. මඩින් නොව ගොඩින් එන්න කියපු මහින්ද රාජපක්‍ෂම දැන් මඩින් එන්න පටන් අරගන තිඛෙනවා. ඒ වගේ කණ්ඩායමක් යොදාගෙන ආණ්ඩුව පහුගියදා මාධ්‍ය සාකච්ඡුාවක් කළා. එහි ප්‍රධානියා වුණේ 2008දී ජවිපෙන් ඉවත් කළ අනුරුද්ධ පොල්ගම්පොල හිටපු මන්තී‍්‍රවරයා. ඔහු තමන්ගේ මන්තී‍්‍රධුරය පාවිච්චි කරලා පෞද්ගලිකව මුදල් හම්බ කරන්න තමන්ගේ සහෝදරයෙක් ජපන් රටට ගෙන යන්න උත්සාහ කළ නිසා ජවිපෙන් ඉවත් කරපු පුද්ගලයෙක්. එම කණ්ඩායමේ හිටපු උපුල් නැමති හිටපු පළාත් සභා මන්තී‍්‍රවරයාත් ජවිපෙන් ඉවත් කරපු අයෙක්. ඔහු 2010 මැතිවරණයේදී සහාය දුන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට. එහෙම අය අද ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නවා. ඒතරමට ආණ්ුව බංකොළොත් වෙලා.

මේ වෙලාවේ ආණ්ඩු විරෝධී ප‍්‍රහාරකයා බවට පත්වෙලා ඉන්නේ අපේ පක්‍ෂයේ අනුර දිසානායක සහෝදරයා. එම විරෝධය දරාගන්න බැරි ආණ්ඩුව වැව් දස දහසේ ව්‍යාපෘතියේ අක‍්‍රමිකතා හොයලා දෙන්න කියලා නිලධාරීන්ට චක‍්‍රලේඛ යවනවා. ඒවගේ අසාර්ථක උස්සාහයන්වලින් මේ ආණ්ඩුවට ගොඩ ඒන බැහැ.

එනිසා මෙම ඒකාධිපති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි. ඒ සඳහා අපි සටනක් ආරම්භ කර තිඛෙනවා. රාජපක්‍ෂ පවුල් පාලනය ඉවත් කිරීම සඳහා අපි කටයුතු කරමින් තිඛෙනවා. ඒ සඳහා අප ජනතාවට අවශ්‍ය මග පෙන්වීම සිදුකරමින් තිඛෙනවා.

-adaderana-

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...