Wednesday , 22 January 2025

අහේනි කාලේ එරියස් ජනතාවගේ මුදලින් ගෙවීම

ඇත්ත නම වීර සංගිලි පනික්කියාගේ විමලසේනය​. පියාගේ රැකියාව උත්සව වල බෙර ගැසීමය​. දරිද්‍රතාව නිසා නිසා කුඩා කාලයේ මන්ද පෝෂණයෙන් ද පෙලුනේය.

බයිසිකලයක් මිලදී ගැනීමට වත් වත්කමක් තිබුනේ නැත​. ගෙදර අඳුර දුරුලෑවේ කුප්පි ලාම්පුවේ පිහිට මගිනි. ඉගන ගත්තේ පාසලේ නව වන ශ්‍රේනිය දක්වා පමණි.

ඉන්පසු පීඩිත පන්තියේ ජනතාවට විමුක්තිය ලබා දෙන්නම් කියා ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය කලේය​. 1988 -89 බස් ගිනි තැබුවේය​. ට්‍රාන්ස්ෆෝමර් පුපුරුවා දැමුවේය​. ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු ප්‍රජා නායකයන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා හවුල් වූයේය​.

විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු අනුගාමිකයන් බොහෝ දෙනෙකුට ටයර් මත යාම සඳහා මාර්ගය පෙන්නුවේය​. හිරු පුවත් පතේ වැඩ කරන කාලයේ

උදේට ඉඳිආප්ප කෑවේ නයටය​. අද පීඩිත පන්තියේ ජනතාවට විමුක්තිය කෙසේ වෙතත් තමාගේ විමුක්තිය සලසාගෙන තිබේ.

තමා ඇමති ධූරය දරන ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසු කම් අමාත්‍ය නිල නිවසේ මාසික විදුලි බිල පමණක් රුපියල් ලක්‍ෂයකට වඩා වැඩිය. නිල නිවසේ වායුසමීකරණ පැය 24 ම ක්‍රියාත්මක වේ.

දුප්පත්කම අවමානයක් නොවේ. වරද ඇත්තේ දුප්පත්කමින් ලැබූ අත්දැකීම් සමාජ මෙහෙවර සඳහා පන්නරයක් කර ගැනීම වෙනුවට නැති බැරි කාලයේ ලබා ගත නොහැකි වූ සැප දැන් ජනතා මුදල් වලින් ලබා ගැනීමයි.

මෙය වීර සංගිලි පනික්කියාගේ විමලසේනට පමණක් පොදු නොවේ. ජනතාවට විමුක්තිය ලබා දෙන්නම් කියා තුත්තිරි ගස් අල්ලාගෙන දේශපාලනයට එන  බොහෝ දෙනාගේ ගතියකි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...