16.3 C
London
Thursday, June 19, 2025
spot_img

කෝලි කෝප වෙලා !

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ගෙන් වැරදි ප්‍රශ්ණයක් ඇසීම පිළිබඳ ප්‍රවීන ක්‍රිකට් විචාරක හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර්ට දෝෂාරෝපන එල්ල වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහභාගි වු පසුගිය සෙනසුරාදා පැවති තරඟයේ කාසිය වාසිය උරගා බැලීමේන් පසුව සුනිල් ගවස්කාර් මෙම වැරදි ප්‍රශ්ණය යොමුකර තිබේ.

කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු ක්‍රීඩාංගණයේ කැමරා විරාට් කෝලි ගේ පෙම්වතිය වන ජනප්‍රිය නිලි අනුෂ්කා ෂ්ර්මා වෙත යොමුවී තිබේ. එය අහම්බෙන් දුටු සුනිල් ගවස්කාර් “ඇයත් ඇවිත් ඉන්නවාද ?” යනුටවන් විමසා තිබේ.

එවිට විරාට් කෝලි “ඔව් ඇය ඉන්නවා ” යනුවෙන් පවසා ඇති අතර ඒ අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයෙන් දැඩි විරෝධය දනවන ඝෝෂාකාරී හඩක් ඇසී තිබේ.

මීට පෙර පැවති ලෝක කුසලාන අර්ධ අවසන් තරඟයෙන් ඉන්දියාව පරාඩය වුයේ විරාට් කෝලි දක්ෂතා නොදැක්වීම නිසා බවත් විරාට් කෝලි ට දක්ෂතා දැක්වීමට නොහැකි වුයේ අනුෂ්කා ෂර්මා එම තරගය නැරඹීමට පැමිණ සිටීම නිසා බවට සමාජ ජාලා තුළ කසුකුසුවක් පැවතිණ.මේ හේතුවෙන් ඇය පිළිබඳ මෙම තරඟයේදී සිහිපත් කරන විට විරෝධය මතුවී ඇති බව ඉන්දීය වාර්තා කියයි

මේ අතර පසුව පැවතචි මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු විරා‍ට් කෝලි සදහන් කර ඇත්තේ තමන් සහ තම පෞද්ගලික ජීවිතය එකට පටලවා ගනිමින් සුනිල් ගවස්කාර් තමන්ව අසීරුතාවට පත්කළ බවයි.මෙම ප්‍රශ්ණය ඇසීම් සම්බන්ධයෙන් සුනිල් ගවස්කාර්ට සමාජ ජාලා ‍වෙබ් අඩවි හරහාද ක්‍රීඩා ලෝලී විරෝධතා මතුවි තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles