13.1 C
London
Friday, November 14, 2025
spot_img

ඕනම දෙයක් ඇස්පනා පිට දකින කන්නාඩියක්

ෆේස්බුක් ආයතනය තවත් යෝධ පියවරක් ඉදිරියට තැබීමේ අරමුණින්, ඩොලර් මිලියන දෙකකට අධික මුදලක් වැය කරමින් පසුගියදාක Oculus VR සමාගම මිලදී ගෙන ඇත.

තමන් සමග සිටින තරගකාරී ලෙස සිටින අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවිවලට වඩා පියවරක් ඉදිරියට තැබීම මෙහි අරමුණ වී තිබේ.
එසේම ෆේස්බුක් ආයතනයේ අපේක්ෂාව වනුයේ Virtual Reality නම් නවීනතම තාක්ෂණය යොදා ගනිමින් පෙරළියක් සිදු කිරීමයි.
Oculus VR සමාගම මිලදී ගැනීම සිදු කෙරෙන කාලයේදී ෆේස්බුක් මාර්ක් සකර්බර්ග් ඔවුන්ගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ වීඩියෝ ක්‍රීඩාවන්වලට අමතරව Oculus උපකරණය නොයෙකුත් ආකාරයෙන් ජනතාවට නවතම අත්දැකීමක් එකතු කිරීමට භාවිතා කරන බවයි.

ලෝකයේ නොයෙකුත් රටවල්වල වෙසෙන ශිෂ්‍යයින් සහ ගුරුවරයන් සමඟ එකම පන්ති කාමරයක ඉගෙනුම ලැබීමටත් ලෝකයේ ඕනෑම තැනක සිටින වෛද්‍යවරයකු හමු වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටත් ඉදිරියේදී මෙම තාක්ෂණය භාවිතා කිරීම තුළින් හැකියාව තිබෙන බව මාර්ක් සක්බර්ග් උදාහරණ වශයෙන් පෙන්වා දුන්නේය.

මේ සියලුම දේවල් කරගැනීම සඳහා පුද්ගලයා කලයුතු වෙන්නේ Oculus කියන ඇස් ආවරණය පැලදීම පමණි.
එමඟින් ඔබට ඔබේ ඇස් පනාපිට දකින රූප මෙන් පැහැදිලිතාත්වික රූප ඔබ ඉදිරියේ පෙන්වන්නටත්, ඔබේ අංග චලනයන්, අක්ෂි චලනයන් හා කටහඬ ග්‍රහණය කර ඊට අනුරූපව ප්‍රතිචර දැක්වීමටත් හැකියාව තිබේ.
Oculus Rift උපකරණය හා චලන ප්‍රතිග්‍රහණය සඳහා නිපදවා ඇති Leap Motion උපකරණය එක්කාසු කර නිමැවෙන අපූරූ තාක්ෂණයෙන් ෆේස්බුක් පරිශීලකයින්ට ලබා ගත හැකි සුපිරි අත්දැකීම පිළිබඳ සැකසුනු වීඩියෝ පටය නරඹන්න.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles