මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා AH1N1 ආසාදිත තත්ත්වය ජනතාව අතර පැතිර යාමේ සුලබතාවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
ඒ මහතා පවසන පරිදි මෙම රෝගයේ වැඩි බලපෑම එල්ල වී තිබෙන්නේ ගැබිණි මව්වරුන් වෙතයි.
එබැවින් මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ වන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදනය වැනි රෝග පවතී නම් නොපමාව රජයේ රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව පැවසුවේ, මෙම දිනවල සුලබ ලෙස පැතිරෙමින් පවතින AH1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් ගතයුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (24දා) සෞඛ්‍ය අමාත්‍යාංශය කැඳවූ විශේෂ රැස්වීමේදීය.