Wednesday , 12 February 2025

වීසා කාඩ් වෙනුවට “ලෝකල් කාඩ්”

දේශීය වෙළඳපොළ තුළ සිදුවන මුදල් ගණුදෙනු වලදී බහුලව සිදුවන විදේශ විනිමය රටින් පිටතට ගලායාම හා මුදල් හුවමාරු වියදම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට භාවිතාවන වීසා (VISA) මාස්ටර් කාඩ් (MASTER CARD) හා ඇමෙක්ස් (AMEX) වැනි ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික කාඩ්පත් වෙනුවට දේශීය ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීම කෙරෙහි ශ්‍රී ලංකාවේ ජාතික බැංකු අණකර නිෂ්කාශන ආයතනය වන ලංකා ක්ලියර් (Lanka Clear) බලාපොරොත්තු වේ.

ලංකා ක්ලියර් ආයතනයේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී සුනිමල් වීරසූරිය මහතාට අනුව ශ්‍රී ලංකාවේ දැනට ඉලෙක්ට්‍රොනික් කාඩ්පත්වලින් සිදු කරනු ලබන සමස්ත ගනුදෙනු වලින් 95%ක් දේශීය ගෙවීම් වන අතර ඉතිරි 5% ( අන්තර්ජාල ගෙවීම් ඇතුළුව ) අන්තර්ජාතික ගෙවීම් වෙයි.

මහ බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ මේවනවිට ණය කාඩ්පත් (Credit Card) 926,949ක් භාවිතයේ පවතින අතර ඉන් 890,200ක් දේශීය හා විදේශීය කාඩ්පත් වේ. ඉන් දේශීය කාඩ්පත් 36,749ක් රුපියල් බිලියන 121ක වටිනාකමකින් යුතු මුදල් ගනුදෙනු මිලියන 21.6ක ප්‍රමාණයක් සිදු කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ මිලියන 12ක් වූ හර කාඩ්පත් (Debit Card) ප්‍රමාණයක් ඇති අතර එව මගින් රුපියල් බිලියන 46ක වටිනාකමකින් යුත් ගනුදෙනු මිලියන 15ක් සිදුකර තිබේ.

මෙතරම් ඉහල ගනුදෙනු ප්‍රමාණයක් සිදුවීම හේතුවෙන් අදාල කාඩ්පත්වල සේවා සපයන විදේශීය සමාගම් වලට කොමිස් මුදල් වශයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ඇදී යන බවත් විශේෂයෙන් වීසා, මාස්ටර්කාඩ් හා ඇමෙක්ස් හි අයකරන කොමිස් මුදල් ඉතා ඉහල බවත් වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසී ය.

ඔහුට අනුව සෑම ඉලෙක්ට්‍රොනික මුදල් ගනුදෙනුවකදීම 2.5%-3.5%ත් අතර ප්‍රමාණයක් විදේශීය සේවා සැපයුම්කරුට ගෙවිය යුතු ය.

මෙම තත්වයට විසඳුමක් වශයෙන් දේශීයව භාවිතා කල හැකි ඉලෙක්ට්‍රොනික බැංකු කාඩ්පතක් හඳුන්වා දීමට ලංකා ක්ලියර් ආයතනය කටයුතු කරමින් සිටින අතර එය “ලංකා පේ” (Lanka Pay) නමින් හැඳින්වීමට නියමිත ය.

වීරසූරිය මහතාට අනුව මේවනවිටත් ඒ සඳහා දේශීය බැංකු 5ක් ලංකා ක්ලියර් ආයතනය සමග එක්වී සිටින අතර මේ වනවිට ඊට අදාල ATM යන්ත්‍ර 1600ක් පමණ පිහිටුවා ඇත. ලබන මස අවසානයේ දී එය තවත් 900කින් වැඩිවීමට නියමිත ය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...