16 C
London
Thursday, November 13, 2025
spot_img

ජනපති සොයුරු ඝාතන සැකකරු හිරේදීත් වැරදි කරලා

ජනාධිපතිවරයාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලිරාජු) ඝාතනය කිරීමේ චෝදනා මත රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුට (ලක්මාල්) අද (16) මාස 6 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරුණි.

ඒ, බන්ධනාගාරය තුළ ජංගම දුරකථනයක් සහ දුම්කොළ මිටියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මතය.

සැකකරු අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට මෙලෙස සිරදඩුවම් නියම කළ බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරයාගේ සොහොයුරු ඝාතනය කිරීමේ චෝදනා මත සැකකරු මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි.  බන්ධනාගාරය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු සන්තකයේ තිබී මෙම ජංගම දුරකථනයක් සහ දුම්කොළ මිටියක් සොයා ගැනුණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles