Wednesday , 22 January 2025

දේශපාලඥයන් කියන කියන දේ කිරීමට බැරි බැවින් ව`දුරඹ ඕ.අයි.සී නිළ ඇදුම ගලවා ගෙදර යයි

දිගින් දිගටම දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් නිසා රාජකාරි කරගෙන යාමට නොහැකි තත්ත්වයක් හේතුවෙන් තමන් ඉල්ලා අස් වූ බව වඳුරඹ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක පී.එල්. කිර්තිසිංහ මහතා පවසයි.

දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ඇතැම් උසස් නිලධාරීන් කිසිවක් නොකරන බවත්, ස්වාධීන පොලිස් සේවයක් ඇති වුවහොත් නැවත පොලිසියට එක්වීමට අදහස් කරන බවත් ඔහු කීවේය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීයැයි සැකපිට නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේ මෙම වඳුරඹ පොලිසිය විසිනි.

පසුව මුතුහෙට්ටිගම මහතා සැකකරුවන් බේරා ගැනීමට ව`දුරඹ පොලීසියට පැමිණ ඇති අතර එහිදී ඇමතිවරයා ආතතියට බොන පෙත්ත වැරදීමකින් පොලිස් ස්ථානාධිපතිවරයා පානය කර ඇත්දැයි පරීක්ෂණ පවත්වන බවක්ද වාර්තා විය.

තමා ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කරමින් පොලිස් ස්ථානාධිපතිවරයා මෙසේද පැවසීය. රාජකාරියක් කිරීමට බැරි තත්ත්වයක් අද උදාවී ඇති අතර, ප්‍රාදේශීය දේශපාලඥයාගේ සිට සියළුම දේශපාලඥයන් කියනා දේවල් කිරීම තුලින් රටේ නීතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවද ඔහු පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීම පිණිස තමාගේ නිළ ඇදුම ගලවා ගෙදර පැමිණි බවද තමා මේ ලබා දෙන ආදර්ශය තුළින් පොලිස් දෙපාර්තමේන්තුවේ අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්තනා කරන බවද පොලිස් පරීක්ෂක පී.එල්. කිර්තිසිංහ මහතා පැවසීය.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...