15 හැවිරිදි වයසේ පසු වූ බාල වයස්‌කාරියන් තිදෙනකු දූෂණය කොට ඇති හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයතු ගම්පළ කුරුඳුවත්ත ප්‍රදේශයේ තවත් අවුරුදු 15 ක වයසේ පසුවූ බාල වයස්‌කාරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන අතවර කිරීමේ චෝදනාවට ලබන 27 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පළ මහෙස්‌ත්‍රාත් උපුල් මහතා නියෝග කළේය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ හඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු ගම්පළ කුරුඳුවත්ත ප්‍රදේශයේම බාල වයස්‌කාරියන් තිදෙනකු මෙසේ අතවරයට පත්කොට ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
අවසන් වරට අතවරයට පත්කොට ඇති බාල වයස්‌කාරියගේ මාමා කෙනෙකු වන මොහු ඇය රවටාගෙන රත්නපුර ප්‍රදේශයේ මිතුරකුගේ නිවසකට ගෙන ගොස් එහි දින 2 ක් ඇය රඳවාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.