Saturday , 28 November 2020

“යුඇන්පියට වාසි වෙන නිසා මහින්දට දුන්නා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු දේ ප්‍රතික්ෂේප කර නාමයෝජනා ලබාදීමට හැකියාවක් ඇති බවට පසුව තීරණය කළ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

දැනට තිබෙන වාතාවරණය හේතුවෙන් එජාපයට වාසිය හිමිවන නිසා සියලු දෙනා කතා කර එම තීන්දුව දුන් බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වැඩිවුවද අනෙක් ඡන්ද අඩුවීමක් ඇතිවිය හැකි බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...