අපට බෑ අපි සිල් අරන්..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ‍ෆොන්සේකා ඉදිරියට දමාගෙන රටපුරා ගිය ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර ජනාධිපති වරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ගෙන යන්නේ ‍වෙනම ක්‍රියාමර්ගයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ජනතා විමුක්ති ‍පෙරමුණ ‍කෙලින්ම කියන්නෑ ‍මෛත්‍රිට සහය ‍දෙන්න ඕන කියලා. ඔවුන් කියන්නේ ජනපති මහින්ද පරද්දවමු යන්නයි. ඒ කියන්නේ ඔවුන් ‍ගෙනියන්නේ මෙන්න සතා, අන්න පොල්ල, මං සිල් ගත්තා යන ප්‍රතිපත්තියයි. අන්න මහින්ද කියන සතා ඉන්නව. ‍මෙන්න ‍මෛත්‍රි ‍පොල්ල. අපට බෑ අපි සිල් අරන්. පුළුවන්නම් ඔහු පරද්දවන්න කියන ප්‍රතිපත්ති‍‍ය මත අද ජනතා විමුක්ති ‍පෙරමුණ සිටින්නේ.

මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කොට රට අස්‌ථාවර කිරීමේ බටහිර කුමන්ත්‍රණයක්‌ තිඛෙන බව ඔවුන් දන්නවා. මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව ජවිපෙ වගකීමක්‌ නොගන්නේ ඒ නිසා යෑයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවැසුවේ කොළඹ ටී. බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී.ල.නි.ප. මූලස්‌ථානයේ ඊයේ (5) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වීරවංශ මහතා දින 100 කින් ව්‍යවස්‌ථාව වෙනස්‌ කොට රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති කිරීමට යන මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ රනිල් වික්‍රමසිංහ සමග ඇතිකරගෙන තිඛෙන ගිවිසුම රටට හෙළි කළ යුතු බව ද කීය. එවැනි ගිවිසුමක්‌ නැතැයි ඔහු පවසන්නට පුළුවන්. එත් කිසිදු ගිවිසුමක්‌ නැතිව රනිල් යූ. ඇන්. පී. ඡන්ද ලබාදී මෛත්‍රීපාල ජනාධිපති කරවන්න ඉදිරිපත් වේ යෑයි සිතන්න පුළුවන්ද? හෙළ උරුමයත් මෛත්‍රීපාලත් අතර ඇති කරගත් ගිවිසුම දැන්් හෙළි කර තිඛෙනවා එසේනම් රනිල් මෛත්‍රීපාල ගිවිසුම හෙළි කරන්න බැරි ඇයි දැයි වීරවංශ මහතා ප්‍රශ්න කළේය.

ඒ මහතා මෙසේ ද කීවේය. හෙළ උරුමය සමග සිරිසේන ඇතිකරගත් ගිවිසුමේ ඒකීය ශ්‍රී ලංකාවක්‌ ගැන සඳහන් වෙනවා. ඒත් විපක්‍ෂ සන්ධානයේ නායිකාවක වන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය කියන්නේ එක්‌සත් රටක්‌ ඇති කරන බවයි. ඒකීය රටක්‌ කියන්නේ ෆෙඩරල් රටක්‌ කියන එකයි. දින 100 ක්‌ ඒකීය රටක්‌ ලෙස සිට ඉන්පසු ෆෙඩරල් රටක්‌ හදනවාට හෙළ උරුමය කැමැති දැයි අප අහනවා.

අද හෙළ උරුමය 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කොට කොමිෂන් සභා ඇති කළ යුතු යෑයි කියනවා. ඒත් එදා අපි 17 වැනි සංශෝධනය ගෙන එන විට පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකානු මොඩලය අනුව ස්‌වාධීන කොමිෂන් සභා පිහිටුවීමට ඔවුන් විරුද්ධ බවයි. එසේ නම් දැන් ඇයි නැවතත් කොමිෂන් සභා ඉල්ලන්නේ. මෙයින් පේන්නේ මොවුන් වැඩ කරන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව බවයි.

ලිබියාවේ ගඩාෆිගේ පාලනය සමයේ නොතිබූ ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගැනීමට ගිය ලිබියාවට අද මොකද වෙලා තිඛෙන්නේ ඒ කාලේ ලිබියාවේ ජනයාට විදුලිය නොමිලේ ලැබුණා. අද එසේ ලැඛෙනවාද? අද ලිබියාව විනාශවෙලා ඒ තත්ත්වය ලංකාවේත් ඇති කරන්නයි මේ අය කටයුතු කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණොත් ජනාධිපති සහ අගමැති අතර බල අරගලයක්‌ ගැටුමක්‌ ඇතිවේවි. ඉන්පසු සිංහල මුස්‌ලිම් ගැටුම් ඇතිවේවි. ජනතාව මොවුන්ගේ මේ උපක්‍රමවලට රැවටෙන්නේ නැහැ.

ශ්‍රීලනිප මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ජනාධිපතිතුමාගේ කටවුට්‌ පෝස්‌ටර් ආදිය රටපුරා ගසා තිබීම ගැන විපක්‍ෂය චෝදනා කරනවා. අපේ පක්‍ෂයේ සාමාජිකයන් ආධාරකරුවන් හා පක්‍ෂ සංවිධාන විසින් ජනාධිපතිතුමාගේ පෝස්‌ටර් කටවුට්‌ රටපුරා ගසා තිඛෙනවා. ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය හා උපන් දිනය වෙනුවෙන් ගැසූ මේ කටවුට්‌ ආදිය තවමත් තිඛෙනවා. නාම යෝජනා බාර දෙන අවස්‌ථාව වන විට ඒවා ඉවත් කරාවි. නාම යෝජනා බාර දීමට පෙර කටවුට්‌ ගැසීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්‌ නොවෙයි.

අද ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ගැන කතා කරන එක්‌සත් ජාතික පක්‍ෂය ඔවුන් බලයේ සිටි කාලයේදී ඡන්ද නාමලේඛනවල හොර ඡන්ද ලියාපදිංචි කොට තිබුණා. එකල එක අත්සනකින් හොර ඡන්ද 2000 ක්‌ 3000 ක්‌ පමණ එසේ ලියාපදිංචි කර තිබුණා අපේ ආණ්‌ඩුව තමයි ඡන්දය දැමීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කොට හොර ඡන්ද දැමීම නතර කළේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...