13.1 C
London
Friday, November 14, 2025
spot_img

විස්සයි විස්ස පන්දු යැවීමේ ලෝක වාර්තාවක් වෙලගෙදර පිහිටුවයි.

-ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර නව විස්සයි විස්ස ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වෙන ලදී.

එස්.එස්.සී. පිලට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී වමතින් වේග පන්දු යවන චානක වෙලගෙදර ඕවර හතරේදී නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 2 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය. මෙම පන්දු යැවීම ලෝක විස්සයි විස්ස පිටියේදී පළමු කොටසේ තරගයක අඩුම ලකුණු සංඛ්‍යාවකට වැඩිම කඩුලූ දවාගත් පන්දු යැවීමයි.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් මොරිස් පසුගිය වසරේ හයිවෙල් ලයන්ස් පිල වෙනුවෙන් ඕවර හතරේදී නිලකුණු ඕවර 3 ක් සමගින් ලකුණු 2 කට කඩුලූ 2 ක් දවා ගනිමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි. 34 හැවිරිදි වෙලගෙදරගේ වාර්තාගත පන්දු යැවීම නිසා ද්‍රවිඩ සංගම් පිල මෙම තරගයෙන් ලකුණු 45 ක ජයක් ලැබීය.

වෙලගෙදර ටෙස්ට් තරග 21 කදී කඩුලූ 55 ක් ද, එක්දින තරග 10 කදී කඩුලූ 15 ක් ද, දවාගෙන තිබේ. ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් 2012 වසරේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඕවර හතරකදී නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 8 කට කඩුලූ 6 ක් දවා ගනිමින් විස්සයි20 අන්තර්ජාතික තරග බිමේ ඉහළතම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles