වෙලේ සුදා ගැන නිළියන් කියන කථා

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේසුදා සමග සමීප සම්බන්දකම් පැවැත්වූ බවට ප්‍රසිද්ධ නිලියන් කිහිපදෙනෙකුටම අන්තර්ජාලය ඔස්සේ විවිධ කට කතා පැතිර තිබේ.

රංගන ශිල්පිණි ගයේෂා පෙරේරා, සේමිණි ඉද්දමල්ගොඩ, ලෝචනා ඉමාෂි යන අයට මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ කට කතා පැතිර ගොස් තිබේ. මෙහි ඇත්ත නැත්ත දැනගැනීම සඳහා එත් වෙබ් අඩවියක්
ගයේෂා පෙරේරාට ඇමතුමක් ලබා ගෙන තිබේ.

එහිදී ඇය කියා සිටියේ “මමත් සුදු කොඩි වනාගෙන යහ පාලන ජෝකර්ලත් එක්ක එකතු වුණා නම් මාවත් අපේ කාළේ විහාරමහා දේවිය කියලා පිළිගනී.”යනුවෙනි.

ඇයගේ දේශපාලන ගමනට බාධා කරන පුද්ගලයින් මෙවැනි මඩ ප්‍රචාර සිදු කරන බවයි ඇය පෙන්වා දෙන්නේ. මෙම මඩ ප්‍රචාරවලට විරුද්ධව රහස් පොලිසිය වෙත සහ පොලිස්පතිවරයාට පැමිණිළි කිරීම සඳහා ගයේෂා
ඇතුළු සේමිණි ඉද්දමල්ගොඩ, ලෝචනා ඉමාෂි විසින් හෙට (16) දිනයේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සුදානම් බවත් ඇය වැඩි දුරත් සඳහන් කළේය.

ගයේෂා පෙරේරා සමග කල කතා බහ පහතින් කියවන්න…

මේ දවස් වල ඔබව වෙලේ සුදා සමග සම්බන්ද කර කට කතා පැතිරෙනවා. මේක ඇත්තද?

මම මේකට හොඳ උත්තරයක් දෙන්නම්. ඔය කියන කතාව සම්පුර්ණයෙන්ම පදනම් විරහිතයි. ඕක මේ මඩ වෙබ් අඩවි ජනප්‍රිය කරගන්න ගහපු නිව්ස් එකක්. අනිත් එක තමයි මගේ තියන ජනප්‍රියතාවයත් එක්ක මගේ නම ඇඳ
ගත්තම ඔවුන්ට ලැබෙන අවධානය වැඩිනේ. එක නිසා තමයි මේක මෙහෙම කරලා තියෙන්නේ.

ඒ කියන්නේ ගයේෂා වෙලේ සුදා කියලා කෙනෙක්ව දන්නේ නැහැ කියලද?

මොන පිස්සුද… වෙලේ සුදා මාව දන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ… මම නම් වෙලේ සුදාව දන්නේ නැහැ… අනික මම වෙලේ සුදා කියන මනුස්සයාව දැකලවත් නැහැ..
අනික කුඩු කාරයෝ එක්ක ගනු දෙනු තියාගෙන දේශපාලනය කරන්නවත් කලා කටයුතු කරන්නවත් මට අවශ්‍ය නැහැ… මොකද මගේ හස්බ්න්ට මාව බලාගන්න තරම් මුදල් තියනවා. අපි අනික ඔයවගේ බලු වැඩ කරන
මිනිස්සු නෙවෙයි…

ඉතින් ඇයි එහෙම මඩක් ඔබට එල්ල වුනේ?

ඔයවගේ පුවත් පළ කරපු සමාජ වෙබ් අඩවි දෙක තුනක් මම බැලුවා. ඒවා තනිකර මහින්ද රාජපක්ෂ මහත්තයට මඩ ගහන වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු.. මම නම් හිතන්නේ එතුමා සමග මම පසුගිය දවස් ටිකේ එක දිගට වැඩ
කළා.

එතුමාට අදත් වැඩ කරන නිසා තමයි මට මඩ ගහන්නේ… අනික ඔවුන් හදනවා මේවගේ මඩ ගහලා ගයේෂාගේ දේශපාලන ගමන නවත්තන්න හැබැයි කියලා.. ඉතින් මට ඔවුන්ට කියන්න තියෙන්නේ මේ මඩ වලින්
වෙනෙන් මිනිසු අතර තව තවත් මාව ජනප්‍රියව කරන එක කියලා..

මේ සම්බන්දයෙන් පොලිසිය ඔබෙන් ප්‍රශ්න කළා ද?

නැහැනේ.. පොලිසිය මාව මේ දේවල් වලට සම්බන්ධ කරගන්න ඕනේ.. මම මේ සිද්ධිවලට සම්බන්ධ නම් නේ.. මට ආරංචි විදිහට නම් සිද්ධිවලට සම්බන්ධ නිලියෝ කිහිප දෙනෙක් පොලිසිය මේ වනකොට ප්‍රශ්න කරලා
ඉවරයි.

සහ හෙට අනිද්දට ඒ සිද්ධිවලට සම්බන්ධ ඇය අත්අඩංගුවට අරගෙන ඒ දේවල් සිද්ධ කරයි. හැබැයි එක දෙයක් පොලිසියට කියන ඕනි පොලිසියට වග කීමක් තියනවා ඉක්මනින් සත්‍ය හෙළිදරවු කරන්න.. කොහොම වුනත්
මම මේ සම්බන්ධව සී අයි ඩි යට පැමිණිල්ලක් කරනව..

මේ සම්බන්ධයෙන් චෝදනාවක් හරි යෝජනාවක් හරි කාට හෝ කරනවාද?

මෙහෙමයි මට රසිකයන්ට කියන්න කලින් ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස්පති තුමාට තියෙනවා පණිවිඩයක් කියන්න.. කරුණාකරලා මිනිසුන්ට මාධ්‍ය සාකච්චා තියද්දි බාගෙට විස්තර දෙන්න එපා.

ඔය කියන සිද්ධියට සම්බන්ධ අයව නිතිය හමුවට ගෙනල්ලා ඔය සිද්ධිය ඉක්මනින්ම හෙළිදරවු කරන්න.. මේ රටේ කාන්තාවන්ගේ ආත්මගරුත්වය රකින එක ශ්‍රී ලංකා පොලිසියේ යුතුකමක්… මට රසිකයන්ට කියන්න
තියෙන්නේ මේක හුදෙක් මා දරන දේශපාලණ මතය ගැන තරහෙන් ඉන්න හිටපු ජනාධිපති තුමාට වෛර කරන පිරිස් විසින් ගොතන ලද අමුලික බොරුවක්..

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වේබ් අඩවිය වෙත අදහස් දැක්වූ ජනප්‍රිය රංගන ශිල්පිනි සෙමිණී ඉද්දමල්ගොඩ මහත්මිය කියා සිටියේ, වෙලේ සුදා නැමැත්තා සමග සම්බන්ධතා
පැවැත්වූ බවට තමාගේ නම ද ඇඳා ගනිමින් සමහර වෙබ් අඩවිවල පලවී ඇති වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බවයි. තමා එවැන්නකු සමග කිසිඳු දිනෙක කතාබහ කර හෝ නොමැති බව ඇය අවධාරණය කළාය.

“නිලියන් සමග සම්බන්ධතා පැවැත්වූ වගක් වෙලේ සුදා කිසිඳු අවස්ථාවක ප්‍රකාශකර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලිව කියා තිබියදීත්, සමහර වෙබ් අඩවිවල හා සමාජ ජාල වෙබ් අඩවි වල ඒ සම්බන්ධයෙන්
අසත්‍ය වාර්තා පලවෙනවා. අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසේ නාමයෙන් සිදුකෙරෙන මෙවැනි මඩ ගැසීම් ඉතාමත් පිළිකුල් සහගතයි. වෙලේ සුදා ගේ සිද්ධියට මගේ නම ඇඳා ගෙන පලවී ඇති වාර්තා නිසා මම බලවත්
අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. සැමියා විතරක් නෙමෙයි පාසල් යන දරුවා පවා බලවත් කම්පනයකට පත්වෙලා. මේවගේ පුවත් සහගහන අපරාධයක්. මේ ගැන මාධ්‍ය වල අවධානය යොමුවිය යුතුයි” යයි පැවසු සෙමිනි
මහත්මිය, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද සඳහන් කළාය.

මෙම මඩ පුවත් පිටුපස ක්ෂේත්‍රයේම සමහර ඉරිසියාකාර කුහක පිරිස් සිටිය හැකි බවටද ඇය සැක පහල කරයි.

ජනප්‍රිය නිළියක වන ලෝචනා ඉමාෂි ද වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වූ බවට සමහර සමාජ වෙබ් අඩවි වල වාර්තා පළකර ඇත.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වේබ් අඩවිය වෙත අදහස් දැක්වූ ඇය හඩා වැටෙමින් කියා සිටියේ, තමා වෙලේ සුදා නමැත්තකු සමග හෝ වෙනත් කිසිඳු කුඩු ජාවාරම්කරුවකු සමග කතාබස් කර හෝ නොමැති බවයි.

තමා ළගදි විවාහවීමට නියමිත බවත්, මෙම මඩ ප්‍රචාරවලින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් ඇය සඳහන් කළාය.

තමාට අධි සුඛෝපබෝගී වාහනයක් ඇතැයි ද එම මඩ වෙබ් අඩවිවල පලවී ඇතත්, තමාට ඇත්තේ මාසිකව කුලියට ලබාගත් සාමාන්‍ය වාහනයක් බවද ඇය කියා සිටියාය.

පෞද්ගලික ජීවිතය අමු අමුවේ විනාශ කරන මෙවැනි පුවත් පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොතිබීම බලවත් අපරාධයක් බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...