කොස්ගොඩ පොලීසිය අසල පාසල් මාවතේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයක සිට අතුරුදන් වූ දුර්ලභ ඇලි කැස්බෑවා යැයි සැක කෙරෙන කැස්බෑවෙකු හමුවී ඇති බවට තොරතුරු වාර්තා වේ. එම කැස්බෑවා සොයා ගෙන ඇත්තේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබ්‍රෙව් මහතාගේ දියණියගේ නිවසේ ස්ථානයකින් ය. ඇය පදිංචි වී සිටින්නේ අම්බලන්ගොඩ, මහවීදිය පාරේ නිවසකය.
ඇගේ නම ශ්‍යාමලී ආබ්‍රෙව් ය. තමන්ගේ නිවසේ අතුරුදන් කැස්බෑවා සිටින බවට පැතිරෙන ආරංචිය ගැන ඇය අපට පැවසුවේ මෙවන් කතාවකි. “නැති වුණ කැස්බෑවා නැති වුණා. අපට සුදු කැස්බෑවුන් පස් දෙනෙක් හිටියා. ඉන් එක් සතෙක් සුනාමිය වෙලාවේ මුහුදට ගහගෙන ගියා. ඊට පස්සේ පසුගිය වසරේ දෙසැම්බරයේ දී තවත් සතෙක් අතුරුදන් වුණා. ඉතිරි තුන් දෙනා ඉන්නේ අපේ ළඟ.
කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයක සිටි දුර්ලභ ඇලි කැස්බෑවා පසුගිය වසරේ දෙසැම්බර් මස 16 වැනි පුරපසලොස්වක පොහෝදා අළුයම් කාලයේ දී අතරුදන් විය. එම අතුරුදන් වීම පිළිබඳ එම මධ්‍යස්ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබ්‍රෙව් මහතා විසින් කොස්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දෙස් විදෙස් ජනමාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් එම පුවතට ලැබිණ.
කැස්බෑවා අතුරුදන් වීම පිටුපස ජනප්‍රිය ගායක අමල් පෙරේරා සිටින බවට සැක කරන්නේ යැයි චන්ද්‍රසිරි ආබ්‍රෙව් පොලිසියට පැවසුවේය. ඒ අනුව කොස්ගොඩ පොලිසියට අමල් පෙරේරා මහතා කැඳවා පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශ ලබා ගෙන පොලිස් ඇප මත නිදහස් කර හැරිණ.
රුපියල් කෝටි ගණනක් වටිනා බව පැවසෙන මෙම කැස්බෑවා සොයන්නට අන්තර්ජාතිකපොලීසියේ සහාය පතන බව වනජීවී ඇමැති විජිත් විජයමුනි සොයියා මහතාඉකුත් දෙසැම්බර් මස 18 වැනිදා අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
අද (14) දහවල් වනවිට මෙම නිවස අසලට ගායක අමල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. නිවසේ සියලුම දොර ජනේල සහ ගේට්ටුව ද වසා දමා තිබිණ.
කමල් ශ්‍රී ලියනගේ (බලපිටිය) එස්.සමරනායක (අම්බලන්ගොඩ)