ප්‍රභාකරන් ද්‍රෝහියෙකු නොවේ. ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්. ද්‍රෝහියා මහින්දයි – වික්‍රමබාහු
October 10, 2013
13 Views
වේලුපිල්ලේ ප්‍රභාකරන් ද්‍රෝහියකු නොවන බවත් වසර 3000 ක් ගියත් ඔහුගේ නම ඉතිහාසයෙන් මකා දැමීමට නොහැකි යැයිද නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමභාහු කරුණාරත්න මහතා පවසයි.
දැනට දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රීවරයකු වන වික්‍රමභාහු කරුණාරත්න මහතා මේ අදහස් පල කර තිබෙන්නේ යාපනයේ පලවන උදයන් පුවත්පත සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
තවදුරටත් අදහස් පල කරන කරුණාරත්න මහතා” මහින්ද රාජපක්ෂ සමහ සංසන්දනය කරන විට ප්‍රභාකරන් මේ රටට මහින්දට වඩා ආදරය කරා.ඔහු සටන් කලේ තමන්ගේ නිජ බිමේ අයිතිය වෙනුවෙන්.අවසානයේ ඒ වෙනුවෙන් ඔහු තම පවුල පිටින්ම ජීවිතය පරිත්‍යාග කලා. ප්‍රභාකරන් හැමවෙලේම තම මව්බිමට ගරු කළා. ඔහු තමන්ගේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කලා. ප්‍රභාකරන් ද්‍රෝහියකු නොවෙයි. . ඔහුගේ නම වසර 3000 ක් ගියත් සිහිපත් කෙරෙනවා. ඉතිහාසයෙත් ඔහුගේ නම මකා දාන්න බැහැ. අප ඔහුගේ ප්‍රතිපත්තිවලට එකඟ නොවුවත් ඔහු ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්” යැයිද පවසා ඇත.
තවදුරටත් අදහස් දක්වා ඇති ඔහු දකුණේ ජනයා තම දේශප්‍රේමය පෙන්වීමට දකුණේ උද්ඝෝෂණවලට සහභාගි වීමද කල යුතු නැතැයිද ප්‍රකාශ කර ඇත.
featured Latest slider 2013-10-10