“මියගිය බිරිය දවස් 3ක් ආදරේට තුරුළු කරගෙන ඉඳලා”

මියගිය තම බිරිඳට ආදරේ නිසා දින 03 ක්‌ මෘත ශරීරය තුරුළු කරගෙන සිටි සැමියකු පිළිබඳ තොරතුරු මියගිය කාන්තාව සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්‍ෂණයේදී ලැබුණු සාක්‍ෂිවලින් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.

මෙසේ මියගොස්‌ ඇත්තේ කිණිවිට පිලපිටිය පදිංචි කන්දේලාගේ මානෙල් විජයන්ති මාලි නම් 42 හැවිරිදි කාන්තාවකි.

ඇයගේ සැමියා නෙලුම්දෙණියලාගේ නිමල් (46) හැවිරිදි අයෙකි. ඔහු අධි මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර දරුවන්ද නැත. විවාහ වී දැනට වසර 4 ක්‌ පමණ ගත වී ඇත.

පසුගිය 25 වැනි දින පින්දෙණිය පොලිසියට ලැබුණු දුරකථන පණිවුඩයක්‌ අනුව පොලිස්‌ නිලධාරීන් විසින් මෙම නිවස පරීක්‍ෂා කිරීමේදී මෙම සිද්ධිය දුටු බවත් එහෙත් පොලිසිය පැමිණෙනතුරු කිසිවෙක්‌ එම නිවසට ගොස්‌ නැති බවද පැවසේ.

නිවසට යන අයට තම ඉඩකඩම් ගන්නට එන බව පවසා එහි යැමට නොදෙන බව ද පැවසේ.

පොලිසිය නිවසට ගොස්‌ පරීක්‍ෂා කිරීමේදී කාන්තාව මෙයට දින තුනකට පමණ පෙර මිය යන්නට ඇති බවත් මෘත ශරීරය හොඳටම නරක්‌ වී ඇති බව ද පැවසීය.

මියගිය අයගේ සැමියා 25 වැනි දින නිවස අසළ මාර්ගයේ ගමන් කළ අයෙකුට පවසා ඇත්තේ තමාගේ බිරිඳ මියගොස්‌ ඇති බවත් මෙතෙක්‌ කාටවත් නොකියා තමා ඇයට ආදරේ නිසා දින ගණනාවක්‌ ඇය තුරුළු කරගෙන සිටි බවය.

මියගිය අයගේ සැමියා පිංදෙණිය පොලිස්‌ නිලධාරීන් විසින් මරණ පරීක්‍ෂණය සඳහා කැඳවාගෙන ආ නමුත් ඔහු පොලිසියෙන් මිදී පලාගොස්‌ ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් බෙලිගල් කෝරළයේ මෙගොඩ පත්තුවේ හදිසි මරණ පරීක්‍ෂක ලලිතා නන්දනී මහත්මිය විසින් මරණ පරීක්‍ෂණය සිදු කරන ලදී.

පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයි. එල්. කරුණාරත්න මහත්මිය විසින් සිදු කර අඩු පෝෂණ හා නිව්මෝනියාව රෝගය සෑදී මරණය සිදුවී ඇති බව නිගමනය කර ඇත.

මෘත ශරීරය සැමියාගේ සොහොයුරු වන කේ. ඩී. සිරිපාල මහතාට භාරදී ඇත.

පින්දෙණිය පොලිසියේ පොලිස්‌ සැරයන් 30260 පතිරණ මහතා සාක්‍ෂි මෙහෙයවීය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...