“අපිට ඔහු අත්‍යවශ්‍යයි “

සෝමවංශ අමරසිංහ මහතා තවදුරටත් පක්ෂයට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.එම පෙරමුණේ ප්‍රධාන ලේකම් විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ සෝමවංශ අමරසිංහ මහතා ගත් තීන්දුව පිළිබදව තවදුරටත් ඔහු සමඟ සාකඡ්චා කිරීමට අපේක්ෂා කරන බවයි. ඔහු ගත් තීන්දුව හුදෙක් පෞද්ගලික තීන්දුවක් පමණක් බවත්, එයින් පක්ෂය දෙකඩවීමක් හෝ බිඳි යාමක් පෙන්නුම් නොකරන බවත් විජිත හේරත් මහතා කියයි.
සෝමවංශ අමරසිංහ මහතාගේ මැදිහත්වීම ජනතා විමුක්ති පෙරමුණට අත්‍යවශ්‍ය බව විජිත හේරත් මහතා සඳහන් කර තිබේ.‍එමෙන්ම ඔහුගේ මෙම තීරණය පිළිබඳව පක්ෂය වෙත කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවද විජිත හේරත් මහතා පෙන්වා දෙයි.

තමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කළ බවත් අලුත් පක්ෂයක් පිහිටුවන බවත් ජවිපෙ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරසිංහ මහතා බත්තරමුල්ලේදී ඊයේ (16) ප්‍රකාශ කළේය.අමරසිංහ මහතා සිය කථාවේදී කියා සිටියේ මේ තීරණය තම පෞද්ගලික තීරණයක් බවයි.

‘අද රටේ පවත්නා දේශපාලන වටපිටාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගන්නා බවක් පේන්නේ නෑ. නව රජයේත් විපක්ෂයේත් දුර්වලකම්වලින් ඉදිරියට යෑමට ජවිපෙ සූදානමක් නැති බවයි පේන්නේ. ජවිපයට ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් ඒ අවස්ථාවට මුහුණදීම සඳහා යථානුරූපිව ජවිපෙ ප්‍රතිපත්තිත් වෙනස්විය යුතුයි. අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ. අප රටේ වටපිටාව අනුව අප වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් ඉස්සරහට යන්න බැහැ. ජවිපෙනුත් ඇතැමුනට අසාධාරණවී තිබෙනවා. ඒ කොටසුත් එකතු කරගෙන මම අලුත් පක්ෂයක් හදනවා‘

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයේ සියලු තනතුරුවලිවන් ඉවත්වු බව ප්‍රකාශ කළේය

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...