රජ දරුවෙකුට ඔට්ටුවක් දාමු ද?

විලියම් කුමරුගේ හා කේට්‌ මිඩ්ල්ටන්ගේ දෙවැනි දරුවා පිළිබඳව ඔට්‌ටු තැබීමට බ්‍රිතාන්‍ය බුකිකරුවෝ කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. කුඩා ජෝර්ඡ් කුමරුට නැගණියක්‌ ලැබෙනු ඇතැයි බ්‍රිතාන්‍ය ඔට්‌ටු තැබීමේ සමාගමක්‌ වන Puntres of Landbrokes ප්‍රකාශ ඇත.

ඔවුන් පවසන්නේ විලියම් කේට්‌ යුවලගේ මීළඟ දරුවා දියණියක වීමේ හැකියාව 88 ක්‌ බවයි. රාජකීය දරුවා දියණියක්‌ ද පුතෙක්‌ ද යන්නට අමතරව එම දරුවාට තබන නම පිළිබඳවද ඔට්‌ටු තැබීමට පටන්ගෙන ඇත.

එලිසබෙත්, චාලට්‌ හා ඇලෙක්‌සැන්ඩ්‍රා යන නම් දැනටමත් යෝජනා වී ඇත.මේ දරුවා පිරිමි දරුවකු වුවහොත් ඡේම්ස්‌ පාකර්, හෙන්රි, චාල්ස්‌ යන නම් ද යෝජනා වී තිබේ.

ඒ අතර මේ රජකුමරියට ඩයනා යන නම තැබීමටත් බොහෝදුරට ඉඩකඩ ඇතැයි එරට මාධ්‍ය දක්වා තිබේ.කේට්‌ – විලියම් යුවළ විවාහ ගිවිස ගත්තේ 2010 නොවැම්බර් 16 වැනිදාය.

මොවුන් විවාහ වූයේ 2011 අප්‍රේල් 29 වැනිදාය.කේට්‌ 2013 ජුලි 22 වැනිදා ජෝර්ඡ් කුමරු බිහි කළාය.ඇය දෙවැනි වරට ගැබ්ගෙන ඇති බවට නිල නිවේදනය පළවූයේ 2014 සැප්තැම්බර් 8 වැනිදාය.දෙවැනි දරුවා මේ මාසයේ මෙළොව එළිය දැකීමට නියමිතය.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...