-“අපේ අනාගතය සඳහා තෙත් බිම” තේමාව කරගත් ලෝක තෙත් බිම් දිනය අදට යෙදී ඇත. මේ අනුව ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත් බිම් 06ක් මේ වන විට නම් කර තිබෙන අතර ශ්‍රී ලංකාව තෙත් බිම් කාණ්ඩ තුනක් යටතේ වර්ග කර ඇත. ඒ අතර ගංඟා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්, කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් කෘතිම තෙත්බිම සහ මෝය කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළත් කරදිය තෙත් බිම ලෙසින් ය. ශ්‍රී ලංකාවේ තෙත් බිම් ලෙස බුන්දල අභය භුමිය, ආනවිලුන්දාව, මාදු ගඟ, වාන්කැලේ අභය භූමිය සහ කුමන විල්පත්තුව ජාතික වන උද්‍යානයන් නම් කර ඇත. එසේම ලෝක තෙත් බිම් දිනයට සමගාමීව පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවය ද අද දිනයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය. අද පෙ.ව 10.00 ට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව සංවිධානය කරන මෙම උලෙළ ආරම්භ වන අතර මෙම උත්සවයේදී විජය පුවත්පත් සමාගමේ විජය හා විජෙයි යන සිංහල හා දෙමළ මාධ්‍ය ළමා පුවත්පත් දෙකේ සහයෝගය ඇතිව පැවැත්වූ තෙත් බිම් අසිරිය ප්‍රහේළිකා තරඟයේ ත්‍යාග ප්‍රධානෝත්සවය ද පැවැත්වීමට නියමිතය.
