වත්මන් ආණ්ඩුව යටතේ පසුගිය දින 100 තුල වැඩ කල එකම ආයතනය එෆ් සී අයි ඩී ය හෙවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.ඔහු මෙම අදහස් පල කලේ අද පානදුරේ නගරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ එහිදී ඔහු පල කල අදහස් කිහිපයක්.
දේදුනු ප්‍රජාතන්ත්‍රවාදය පාට පාට පාට ප්‍රජාතන්ත්‍රවාදය දෙවයි කිව්වා . උන්නැහැලා බලය ගත්තු ගමන් හරිම ස්මාර්ට් වෙනවා කිව්වා . හොරකම් ඔක්කොම අල්ලනවයි කිව්වා මෙගා ඩීල් කාරයෝ හිරේට ගේනවයි කිව්වා මොකක්ද වුණේ ? පහුගිය දින 100 ඇතුලේ මේ ආණ්ඩුවේ වැඩ කරපු එකම ආයතනය එෆ්.සී.අයි.ඩී. එක විතරයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් පල කළා.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගෙන් පටන් අරන් පාර්ලිමේන්තුව දක්වා අපි බෙදාගෙනයි හිටියේ ආණ්ඩු තිබිච්ච කාලේ බෙදාගෙන හිටපු කළුතර අපි දැන් බදාගෙන තමයි මහින්දව ආරක්ෂා කිරීමේ සටනට ලෑස්ති වෙලා තියෙන්නේ දැන් මේක බෙදිලා නෑ. දැන් මේක දර මිටිය වගේ හයියට බැඳිලා තියෙන්නේ