11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

විමල්ගේ කෙළි එළියට එයි !

නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව, නිවාස හා ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ ‘ඕෂන් වීව් ඩිවෙලොපර්ස්’ සමාගමේ පසුගිය කාලයේ සිදු ව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචා අක්‍රමිකතා රැසක් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එම සමාගම, මත්තෙගොඩ හා කහතුඩුව ප්‍රදේශයන්හි ඉදි කළ ‘හරිත කැදැල්ල’ නම් සුඛෝපභෝගී නිවාස යෝජනා ක්‍රමයට අයත්, රුපියල් මිලියන 71 ක් වටිනා නිවෙස් හයක් පැවරීමේදී පැහැදිලි මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පසුගිය අප්‍රේල් තිස් වැනිදා, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

සත්‍ය වටිනාකමට වඩා ඉතා අඩු මිලකට සිදු වී ඇති මේ නිවාස, විකිණීමේ ක්‍රියාවලිය තුළ ‘වාසනාවන්තයන්’ බවට පත් වී ඇත්තේ, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සමීපතම ඥාතීන් පස් දෙනකු වන වාදච්චාරිගේ හේමසිරි, පල්ලෙපෙරුම ගමගේ ආනන්ද ප්‍රියදර්ශන, වත්සලා කුමාරසිංහ, වසන්තා රූපසිංහ, ඉසුරු තරංගමාලා සහ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයට අනුයුක්තව සේවය කළ මිලින්ද රත්නායක නම් පිරිසයි.

රජයට ලැබිය යුතුව තිබූ ආදායම අහිමි කිරීම හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ දූෂිත ගනුදෙනුවට සම්බන්ධ වංවන් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වනවිටත් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles