17.1 C
London
Thursday, November 13, 2025
spot_img

යෝජනාවලියට රජයෙන් ප්‍රතිචාර නැත්නම් නව දේශපාලන ගමනක් නිර්මාණය කරනවා – විමල්

රටේ යහ පැවැත්ම උදෙසා තම පක්ෂය සැකසූ යෝජනාවලිය පිළිබඳව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ඡා කිරීමට හැකි වූ බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එහි නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, යෝජනාවලියට සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් ‍නොමැති නම් කණගාටුවෙන් වුවත්, නව දේශපාලන ගමන් මාර්ගයක් නිර්මාණය කළ යුතුව ඇති බව ය.

ඉතාම ඉක්මණින් අප සමග සාකච්ඡාවක් සිදුකරන බව තමයි, ජනාධිපතිතුමන් දැනුම් දුන්නේ, ඒවාගේම අපි පැහැදිලි කළා අපේ පරමාර්ථය මොකක්ද අපේ අරමුණ ‍මොකක් ද? අපිට අවශ්‍ය නැහැ රටට හතුරු බලවේගවලට ජයග්‍රහණ ලබා ගැනීම සදහා වූ පිට්ටනියක් හදලා දෙන්න අපිට උවමනාවක් නැහැ. හැබැයි, ගමනේ සිදුවිය යුතු, යහපත් අතට වෙනස්විය යුතු වෙනස්කම්, වහාම ඇතිකර නොගත්තොත්, අපි කවුරු කුමන කටයුත්ත කළත්, ඒ ප්‍රතිඵලය අත්වෙන එක වළක්වන්නත් බෑ කියන මතය අපි පැහැදිලි කළා. අපි බලාපොරොත්තු වෙනවා, අපිට සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක්, ර‍ජයෙන් ලැබේවි කියලා. එහෙම නොවුණොත්, ඉතාම කණගාටුවෙන් වුණත්, අපිට මේ රටට නව දේශපාලන ගමන් මාර්ගයක් නිර්මාණය කිරීම සදහා පුරෝගාමීව කැපවීමේ අභියෝගය අපි භාර ගන්නවා.
තම සාමාජිකයින් දෙදෙනෙකු පක්ෂය හැරයාම සම්බන්ධයෙන් ද විමල් වීරවංශ මහතා එහිදී අදහස් පල කළේය.

අදින්න පුළුවන් ඕන කෙනෙක්ව අදින්න එක ප්‍රශ්නයක් නැහැ, කවුරු කොහොම ඇද්දත් අන්තිමට ඉතුරු වෙන්නේ එකා වුණත්, ඒ ඉන්න මතයේ ඉදගෙන අපි අපිට කරන්න පුළුවන් භූමිකාව කරනවා. යූ.එන්.පී. එකට යවපු මිනිහාවත් එයා මේ සරත් ෆොන්සේකා මහත්මයා උදව් කරන්න ගිහිල්ලා අපි ආයේ ඇදගෙන ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඊට පස්සේ අපි අතඇරියා. ඒ කියන්නේ ඒ කරපු පාපෙට කැපෙන්න අපි එයා ලව්වා මාධ්‍ය සාකච්ඡාවක් තියලා උඩ දෙකයි යට
දෙකයි කැපුනා සීරෝ වුණා ඊට පස්සේ අපි එයාව යැව්වා. ඉතනින් එහාට අපිට එයාගේ වගකීමක් නැහැ. හැබැයි එයත්, ශ්‍රී ලංකා එකට තමයි එන්න ඉදලා තියෙන්නේ ආණ්ඩුවෙන්ම තමයි මම දන්න විදියට ඉහළ කෙනෙක් කියලා තියෙන්නේ ඔයා යූ.එන්.පී. එකට යන්න ඔයා ශ්‍රී ලංකා එකට එන්න එතකොට ඔයා එ‍හෙන් දිනලා එන්න අපි එතකොට ගන්නන් කියලා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles