විමල් නිවාස දන්සැල් දුන්නු හැටි මෙන්න

නිවාස සහ දේපොළ සංවර්ධනය සඳහා රජය විසින් පිහිටුවන ලද මුල්ම රාජ්‍ය සමාගම වන සීමාසහිත ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම හරහා හිටපු ඇමති විමල් වීරවංශ මහතා විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවී ඇති බරපතළ මූල්‍ය විසමාචාර සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පිළිගත හැකි ආයතනික ක්‍රමවේදයකින් තොරව රුපියල් මිලියන 14 (රු. 14,000,000) වියදමින් දින පොත් 20,000ක් සහ දින දර්ශන 25,000 මුද්‍රණය කිරීම සඳහා මුදල් ගෙවා අවසන් කර ඇතත් ඒවා භාරගත් බවට නිසි ලියවිලි නොමැතිවීම මෙන්ම ඕෂන් ඩිව් ඩිවලොප්මන්ට් සමාගම විසින් වානිජ අලෙවිය සඳහා කහතුඩ්වේ සහ මත්තේගොඩ ඉදිකරන ලද රුපියල් මිලියන 71 (රු.71,000,000) පමණ වටිනා නිවෙස් 6ක් අඩු මිලකට තක්සේරු කොට හිටපු අමාත්‍යවරයාගේ ඥාතීන් අතර බෙදාදීම ඇතුළුව මෙම නිවාස ඥාතීන්ට භාරදීම සඳහා කහතුඩුවේ පැවැති උත්සවයට රුපියල් ලක්ෂ 38ක්ද මත්තේගොඩ පැවැති උත්සවයට ලක්ෂ 31ක් ද වැය කිරීම සම්බන්ධයෙන් ද මෙම පරීක්ෂණ ආරම්භකර ඇත.

අලුත් රජය බලයට පත්වීමෙන් පසුව ආරම්භ කරන ලද විමර්ශනය අතරතුර අදාළ නිවාසවල සැබෑ වටිනාකම අනුව තමන්ට කුලී වාරික ගෙවීමේ හැකියාවක් නැති බැවින් එම නිවෙස්වලින් තමන් ඉවත්වෙන බවට පදිංචිකරුවන් විසින් දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු සඳහන් කළේය.

පුද්ගලයින් 12 දෙනෙකු සේවයට බඳවා ගෙන ඔවුනට වාර්ෂිකව රුපියල් මිලියන 6කට අධික වැටුප් ගෙවා ඇති අතර මෙම පුද්ගලයින් සේවයට වාර්තා කළ ස්ථානයක් හෙළිදරව්වී නැති අතර ඔවුන් පූර්ණකාලීනව හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතවලට යොදවා ඇති අය වන අතර එයින් දෙදෙනෙකු අමාත්‍යවරයාගේ ළඟම ඥාති පුත්‍රයින් බව ද තහවුරු කර ගෙන ඇතැයි මේ අතර අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ සම්බන්ධයෙන් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...