පෙරමුණේ නායක විමල් වීරවංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආයාචනාත්මක ලිපියක් යැවූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කොළඹදී අද(14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණය කරන ලදී.
විමල් වීරවංශ විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය මෙතෙක් මාධ්‍යවලට අනාවරණය කොට නැති අතර ඔහු පැවසුවේ, එම ලිපිය හරහා 20 වන සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය සඳහා කාලය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි.