12.6 C
London
Thursday, May 15, 2025
spot_img

Wire Less විදුලි වාහන

ලෝකයේ බොහෝ රටවල දැන් විදුලියෙන් ක්‍රියාකරන වාහන තිබෙනවා. පවතින රජයන් විසින් බොහෝ විට විදුලියෙන් ක්‍රියාකරන වාහන සඳහා දිරිගැන්වීම්ද දෙනු ලබනවා. ලන්ඩනයේ පමණක් මේ වනවිට Charging Points 400 කට වැඩියෙන් තිබෙන අතර එය තවත් වැඩිකරන්න විශේෂ ව්‍යාපෘතිද ක්‍රියාත්මක වෙමින් පවතිනවා.  නමුත් වාහනය විදුලියෙන් ක්‍රියාත්මක වීම ලාබදායී වුවත් ඒවායේ බැටරි Charge කිරීමේදී බොහෝ වෙලාවක් තිබිය යුතු වීමත් තම නිවාස අසලට වාහනය ගැනීමට නොහැකි වීමත් ආදී නොයෙකුත් ප්‍රශ්න නිසා මෙය ප්‍රචලිත කිරීම එතරම් පහසු කටයුත්තක් වෙලා නැහැ.

 දැන් මේ සියලු දේවල්වලට විසඳුමක් ලෙස ලන්ඩනයේ Mobile innovations giant Qualcomm නම් ආයතනය විසින් “Halo” නම් තාක්ෂණයක් සොයාගෙන තිබෙනවා. මෙය ක්‍රියා කරන්නේ විදුලිය චුම්භක ක්ෂේත්‍රයක් හරහා කෙලින්ම අදාල වහනයේ බැටරිය වෙත යැවීමෙන්. මේ සඳහා දැනටමත් ලන්ඩනයේ සමාගම් දෙකක් අවුරුදු දෙකක් සඳහා අත්හදා බැලීම් කටයුතු ආරම්භ කර අවසානයි. මුලික අදියරේදී Car Park සහ Parking bays වල මෙම Charging pads සවිකලත්. දෙවෙනි තෙවෙනි අදියරවලදී මේවා මහා මාර්ගයේ සවිකිරීම මගින් පාරේ ගමන් කරනවිටදීත් අපට වාහනයේ බැටරිය charge කරගැනීමේ හැකියාව ලැබෙන බව එම සමාගම් වල අදහසයි.

කෙසේ නමුත් තාක්ෂණික විශේෂඥයන් කියන්නේ ඉහලින් ගමන් කරන විදුලි කම්බි වලට යටින් ජීවත් වන මිනිසුන්ට පිලිකා වැළදීමේ අවදානමක් ඇති අවස්ථාවක මෙම ක්‍රමය මගිනුත් එම ප්‍රශ්නයම පන නගින බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles