22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

මේ තියෙන්නෙ මගෙ ගෑනිගෙ අත, ඒ ගෑනි පිට යනව..මේ මං එයාට දීපු දඬුවම..

සැමියකු විසින් තම බිරිඳගේ අනියම් සම්බන්ධයකට දඬුවමක් ලෙස ඇගේ අතක වැලමිටෙන් පහළ කොටස කපා ලේ වගුරන අත් කොටස බෑගයක දමා ගෙන කුරුණෑගල පොලිසියට ගෙනවිත් භාරදුන් සිද්ධියක් වාර්තා වුණා.

කුරුණෑගල පොලිසිය පවසන ආතකාරයට පුද්ගලයකු කුරුණෑගල පොලිස් අපරාධ විමර්ශන අංශය වෙත බෑගයක බහාලූ මිනිස් අතක කොටසක් ගෙනැවිත් පිහියක් සමග භාරදී කියා ඇත්තේ මේ තියෙන්නෙ මගෙ ගෑනිගෙ අත ඒ ගෑනි පිට යනව.. මේ මං එයාට දීපුදඬුවම.. කැමති දෙයක් උඹලා මටත් කරපල්ලා යනුවෙනි.

මෙයින් විස්මයට පත් පොලිස් නිලධාරීන් වහාම ඔහුගෙන් බිරිය සිටින ස්ථානය දැනගෙන ඇය රෝහල් ගත කරන්නට පියවර ගත් අතර බෑගයේ තිබුණ අත් කොටසද රෝහල වෙත යවා ඇත. එම කාන්තාව

කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. ඇය තවම ප්‍රතිකාර ගනිමින් පවතින බව මිස ඇගේ තත්වය ගැන තවම තොරතුරු වාර්තා නොවේ.

කුරුණෑගල වැවරවුම, බමුණුගෙදර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයකු මේ ආකාරයට තම බිරිඳගේ අත කපා ඇත්තේ අනියම් සබඳතාවක් අතට අසුවීමෙන් බව කියැවෙයි.

තමා විදෙස්ගතව සිට මෑතකදී මෙරටට පැමිණි බවත් ඒ එනවිට බිරිය වෙනත් අයකු හා සම්බන්ධවී සිටින බව ඉව වැටුණ බවත් කියැවුණා. ඔවුන් මේ නිසා දිගින් දිගටම ආරවුල් සිදුකරගෙන ඇත.

බිරිඳ ඊයේ පෙරවරුවේ විරසක වී නිවසින් පිටව වෙනත් නිවසකට ගොස් සිටි අතර සැකකරු ඇයව කැඳවා යන්නට ගොස් ඇත්තේ බිරිඳගේ මහගෙදර කැඳවාගෙන යන බව කියමිනි. බිරිඳ නැවතී සිටි තැනින් තම යතුරු පැදියේ නංවාගෙන නැවත කැඳවා යන අතර වඳුරාගල, හාල්

පාරේ පිහිටි කැළෑ ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් බෑගයේ තිබුණ පිහියක් ගෙන ඇගේ අත වැලමිටට පහළින් කපා දැමීම සිදු කර ඇත. අත කැපී අසරණවූ ඇය කැලෑවේම සිටියදී ඉතාම අමානුෂික ලෙස ඔහු කැපුණු අත් කොටස බෑගයක දමා පොලිසිය වෙත ගෙනැවිත් තිබුණා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles