13.5 C
London
Friday, April 25, 2025
spot_img

කාන්තාරයේ කුසුමට බර සම්මානයක්!(Women of the Year )

…දිව යන අමන් ගේ දෙපා දිග ගලා ගිය රුධිරය ඇය දිව ගිය මඟ දිගට පතිත විය. අම්මා, ඇගේ මිතුරිය සහ අහිගුණ්ඨක ගැහැනිය අමන් පසුපස හඹා යන්නට වූහ. බොහෝ දුරක් දිව ගිය අමන් අවසානයේ වැල්ල මත ඇද වැටුණාය. අමන් ඇද වැටී සිටි තැනට දිව ගිය ගැහැනිය නැවතත් ඇයගේ දෙපා දෙපසට ඇද දමා තම රාජකාරියේ නිරත වූවාය. තවදුරටත් සිදුවන දේ දෙස බලා සිටීමට නොහැකි වූ මම ආපසු හැරී කූඩාරම වෙත දිව ගියෙමි…

කාන්තාරයේ කුසුම
පරිවර්තනය – රංජිත් කුරුප්පු

රුදුරු වැලි කතරේ දී සිය වැඩිමල් සොහොයුරිය අත්විඳි ඒ ඉරණම තවත් නොබෝ කලකින් තමන්ට ද අත් විඳීමට සිදුවන බව ඒ කුඩා එ‍ඬේර කෙල්ල එදා දැන නොසිටියාය. සිය ගෝත්‍රිකයන්ගේ ම්ලේච්ඡ චාරිත්‍ර වාරිත්‍රවලට එරෙහිව මුළු ලෝකයක්ම අවදි කළ ඇය අද ලෝක ප්‍රකට නිරූපිකාවකි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නිළියකි. සුපිරි විලවුන් වර්ග රැසක ප්‍රචාරක තරුවකි. මේ සියල්ලටත් වඩා වාරීස් ඩයිරී යන නම අද ප්‍රචලිතව ඇත්තේ සිය ගෝත්‍රයේ කාන්තාවන් අත්විඳින ඒ ම්ලේච්ඡ චාරිත්‍රය පිටුදැකීම සඳහා සටන් වදින ස්ත්‍රීවාදිනියක ලෙසය.

මින් වසර තිස්පහකට පෙර දී නැගෙනහිර අප්‍රිකානු රටක් වන සෝමාලියාවේ තෙරක් නොපෙනෙන වැලි කතරේ සතුන් පසුපස දිව යද්දී ඇය මේතාක් දුරක් පැමිණෙතැයි එදා කිසිවෙක්වත් නොසිතූහ. වාරීස් පිළිබඳව ප්‍රථමයෙන්ම ලෝකයාගේ දෑස් හැරුණේ 1997 වසරේදී ඇගේ කතාව ලෝකයා හමුවේ හෙළි කළ අවස්ථාවේදීය.

සෝමාලියාව වැනි දකුණු අප්‍රිකානු රටවල් මෙන්ම අරාබි රටවල ද වැඩිවියට පත්වන දැරියන් මුහුණ දෙන ජනනේද්‍රීය කොටස් සුන්නත් කිරීමේ ම්ලේච්ඡ චාරිත්‍රයට වාරීස් මුහුණ දුන්නේ පස් හැවිරිදි වියේදීය. ඉතාමත් ප්‍රාථමික වූත් සෞඛ්‍ය ආරක්ෂිත වත් පිළිවෙත් පිළිබඳ කිසිම තැකීමක් නොකර සිදු කළා වූ මේ සුන්නත් කිරීම් නිසා ඇතැම් දැරියන් ගේ ජීවිත මරණයෙන් කෙළවර වීය. ඉන් ඇතිවූ ආසාත්මිකතා හා වෙනත් රෝගාබාධවලින් මිදීමට ඔවුනට වෙනත් මඟක් නොවීය.

“එදින සවස් කාලය පුරාම මගේ සිතට වධ දුන් කරුණ නම් ගල්ලූල් වැනි මහලු මිනිසකු සමඟ විවාහ ජීවිතයක් ගත කිරීම කෙබඳු වේ ද යන්නය… එබඳු මහලු එමෙන්ම පිළිකුල් උපදවන මිනිහකු සමඟ සංවාස කිරීම ගැන මට කල්පනා නොවීම මහත් වාසනාවකි…” – කාන්තාරයේ කුසුම

වයස අවුරුදු දහතුනේ දී වාරිස්ට පියා තීන්දු කළ හැටපස් හැවිරිදි වියපත් මහලු මිනිසා සමඟින් විවාහ වීමට බල කෙරිණ. මවගේ ද අනුදැනුම ඇතිව සිය මවුපිය සහෝදර සහෝදරියන් සමඟ එතෙක් දිවි ගෙවූ කූඩාරමෙන් පලා ආ වාරිස් අවසානයේ නතර වූයේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සුපිරි මෝස්තර නිරූපිකාවක බවට පත්වෙමිනි. එතැන් සිට කීර්තිය ඇය පසුපස හඹා ආවේය. අතමිට සරුවෙමින් ලෝකයේම අවධානය තමා වෙත යොමු වෙද්දී වාරිස් තම වර්ගයේ ගැහැනුන් උදෙසා තමා වෙතින් ඉටුවිය යුතු වූ යුතුකම මනාකොට ඉටු කිරීමට පෙරමුණ ගත්තාය.

ඒ නිර්භීතකමේ හා නොපසුබට දිරියේ ප්‍රතිඵලය ලෙසින් අද මුළු ලෝකයම යළිත් වරක් වාරීස් පිළිබඳව කතා කිරීමට පටන්ගෙන ඇත්තේය.

ලෝකයේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයන්හි නිරත වෙමින් කතුන් උදෙසා අසාමාන්‍යය සේවාවක යෙදෙන කාන්තාවන්ගේ වඩාත් වැදගත් හා විශේෂිත වූ අවස්ථාව ලෙස සැලකෙන්නේ Women of the Year‍ හෙවත් වසරේ කාන්තාවන් සඳහා වන එකමුතුවයි. මෙහි අග්‍ර ඵලය බඳු වසරේ කාන්තාවන් සඳහා වන දිවා ආහාර සාදය ලෙසින් හඳුන්වන අවස්ථාවට සහභාගි විය හැකි වන්නේ ඇරැයුම් ලැබූ කතුනට පමණි. කිසිම ලෙසකින්වත් මුදල් ගෙවා හෝ ටිකට් පත් ලබාගෙන හෝ මේ අවස්ථාවට සහභාගි වීමට කිසිවකුටත් අවකාශ නොලැබේ.

මේ අවස්ථාවට සහභාගි වීම සඳහා ආරාධනා ලැබෙන්නේ සමාජ සුබ සිද්ධිය සඳහා සුවිශේෂ දායකත්වයක් දැරූ කාන්තාවන්ට පමණි. එහිදී අදාළ ආරාධිත කාන්තාව ඒ වෙනුවෙන් දැක්වූවා වූ පෞද්ගලික දායකත්වය සැලකිල්ලට ගනු ලැබේ.

එංගලන්තයේ අති සුපිරි හෝටලයක පසුගිය සතියේ පැවැති වසරේ කාන්තාවන් සඳහා වන එකතුවට කාන්තාවෝ 400 ක් ආරාධනා ලැබූහ. ඒ සෑම කාන්තාවක්ම වසරේ කාන්තාව Women of the Year ලෙස සැලකිලි ලැබුවාය. එම කාන්තාවෝ එහිදී ලෝකයේ කිසියම් වූ වෙනසක් සිදු කිරීම සඳහා දායක වූ දශ ලක්ෂ ගණනක කාන්තාවෝ නියෝජනය කළහ.

වාරීස් ඩයිරී මෙහිදී වසරේ හොඳම කාන්තා මෙහෙයවන්නියට හිමි සම්මානයෙන් පුදනු ලැබුවාය. (Women of the Year Campaigning Award). වාරිස් දැන් 48 හැවිරිදිය. සිය දරු සිවු දෙනා සමඟ පෝලන්තයේ ජීවත් වන්නීය.

“මේ සම්මානය ලැබීම මට කළ ගෞරවයක් ලෙස සලකනවා. 1987 දී ලන්ඩනයේ දී මගේ වෘත්තිය ජීවිතය ආරම්භ කළ මට මේ සම්මානය ඉතාම වටිනවා. ලෝකයේ කාන්තාවන් නිරන්තරයෙන් ආදරය හා ගෞරවය ලැබිය යුතුයි. ඒ වෙනුවෙන් අප යා යුතු දුර බොහෝයි. අප මෙතෙක් ලද ජයග්‍රහණ ගැන අප සතුටු විය යුතු අතරම ඉන් අප තුළ දැඩි ආත්ම විශ්වාසයක් හා ධෛර්යක් ද ගොඩ නැඟුණා” යැයි වාර

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles