ඉංග‍්‍රීසි වචන 6ක් පමණක් දැන එංගලන්තයට සංක‍්‍රමණය වූ තරුණියක අද වනවිට එරට ආචාර්ය උපාධියක් ලබා, ලෝක සරසවි රූ රැජිණ තරගයට පෙනී සිටින පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මාරියා රිමර් ටර්බකෝවා බටහිර රුසියාවේ උපත ලැබූ දැරියක්. වසය අවුරුදු 11දී ඇයට එංගලන්තයට යාමට සිදුවන්නේ ඇයගේ මව බි‍්‍රතාන්‍ය ජාතිකයකු විවාහ කරුනීමත් සමඟයි. ඇයට හැකිව තිබුණේ ‘හෙලෝ’, ‘ප්ලීස්, ‘ඔව්’, ‘නෑ’, ‘ගුඞ්බායි’, ‘ස්තූතියි’ යන වචන ඉංග‍්‍රීයෙන් පැවසීමට පමණයි. එංගලනත්යට ගිය ඇයට නව පාසල් මිතුරු මිතුරියන් සමඟ කතා බහකිරීමටවත් නොහැකි වීම නිසා මාස 4ක් පමණ යනතුරු ඇය උදෑසන අවදිව යළි නින්දට යනතුරුම හඬමින් ජීවත් වුණා.
ඇයගේ ගැටලූව පිළිබඳ දැනගත් ඇයගේ ගුරු මණ්ඩලය සහ යහළු යෙහෙළියන් ඇයට උදව් කළා. මාස 6ක් යන විට ඇයට මූලික වශයෙන් තවත් අයකු හා අදහස් කීපයක් හුවමාරු කරගැනීමේ හැකියාව ලැබුණා. සතුටින් ඉපිල ගිය මාරියා වැඩි කාලයක් පුස්තකාලවල කල් ගෙවමින් ඉංග‍්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ යෙදුණා.
වයස 17දී ඇය නිරූපණ ක්ෂේත‍්‍රයට කිසිදු චකිතයකින් තොරව පිවිසුණේ ඉංග‍්‍රිසි භාෂාව මනා ලෙස හැසිරවීමේ හැකියාව නිසාමයි. අද වනවිට ඇයගේ වයස අවරුද 21ක්.
මේ වනවිට ඇය එංගලන්තයේ සරසවියක ආචාර්ය උපාධිධාරිනියක්. ජාත්‍යන්තර සරසවි අතර පැවැත්වෙන ලෝක රූ රැුජින තරගයට පෙනී සිටින රූමත් යුවතියක්. ඇය මේ ගැන පවසා ඇත්තේ ‘ඔබට බුද්ධිය හා රූමත් බව ලබාගැනීමට ඇත්තේ ඔබේ හදවතට ඇති දුර පමණයි’