ලොව වැඩිම ගූග්ල් ‘ලිංගික’ සෙවුම්වලින් අඛණ්ඩව යළිත් ශ‍්‍රී ලංකාව පළමු තැනට

ගූග්ල් සෙවුම් යන්ත‍්‍රය මගින් ලොව වැඩිම වාරයක් ‘Sex’ යන වචනය ඇතුළත් කළ රටවලින් පළමු තැනට පැමිණ ඇත්තේ ශ‍්‍රී ලංකාවයි.

Google සමාගමේ වාර්ෂික වාර්තාවක් මගින් පැවසෙන පරිදි මෙසේ ශ‍්‍රී ලංකාව මෙලෙස වාර්තාගතව ඇත්තේ තෙවැනි වතාවටය. 2011 වසරේ සිට නොකඩවා මේ වසර දක්වා මෙලෙස ශ‍්‍රී ලංකාව වාර්තාගතවී ඇත.

එම වචනය හා බැඳුණු වෙබ් අඩවි වෙත ඇතුළත් වීම සඳහා ගූග්ල් ප‍්‍රධාන සෙවුම් වෙබ් පිටුව (Google Home Page) මගින් එම වචනය ඇතුළත් කළ රටවල් ගණනය මගින් මෙම වාර්තාව සකසා තිබේ.

එම වචනය වැඩිපුරම සොයන ලද පළාත් අතුරින් ඉදිරියෙන් සිටින්නේ බස්නාහිර පළාත, මහනුවර සහ ගාල්ල දිස්ත‍්‍රික්කයි. දාළ වාර්තාවට අනුව බස්නාහිර පළාතේ කොළඹ, නුගේගොඩ හා හෝමාගම යන නගර ද ඉදිරියෙන්ම සිටියි.

එහි දී ශ‍්‍රී ලංකාව 100%ක් ලෙසත්, ඊළඟ ස්ථාන පිළිවෙලින් ඉන්දියාව, තිමෝරය, ඉතියෝලියාව සහ බංග්ලාදේශය ද මෙම වාර්තාවෙහි ඉදිරි පෙළ සිටියි.

පසුගිය තෙවසර පුරා අසභ්‍ය වෙබ් අඩවි 1500කට අධික ප‍්‍රමාණයක් අවහිර කිරීමට විදුලි සන්දේශ නියාමන කොමිසම කටයුතු කර තිබිණ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...