19.2 C
London
Monday, May 19, 2025
spot_img

60 වසරක් නාලා නැති ලොව අපිරිසිදුම මිනිසා.

වසර 60කින් ස්නානය නොකළ 80 හවිරිදි පුද්ගලයෙකු පිළිබඳ ඉරානයෙන් වාර්තා වේ.

හාජි නම් මෙම පුද්ගලයා විශ්වාස කරන්නේ පිරිසිදුකම ලෙඩ රෝග සෑදීමට බලපාන බවයි.
ස්නානය මෙන්ම පිරිසිදු ජලයද කිසිසේත්ම ප්‍රිය නොකරන ඔහු මෙලෙස අපිරිසිදුව ජීවත්වීම නිසා මේ වනවිට ඔහුගේ සිරුරේ පැහැය තද දුඹුරු පැහැයක් ගෙන තිබේ.

ඔහු මෙලෙස වැළකී සිටින්නේ ස්නානයෙන් පමණක්ම නොවේ. අලුත් ආහාර සහ පිරිසිදු පානීය ජලයද ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ ප්‍රියතම ආහාරය වන්නේ නරක් වූ ඉත්තෑ මස් වන අතර දිනකට ජලය ලීටර 5ක් පානය කරන ඔහු එයද ලබාගන්නේද විශාල මළ බැඳුනු තෙල් කෑන් එකකිනි.
ඔහු සිය දුම් පයිප්පය දුම්කොළ වෙනුවට සත්ව වසුරු වලින් පුරවා ගනියි. කොණ්ඩය කපා දමනවා වෙනුවට ඔහු කරනුයේ එය ඇවිලෙන ගින්නකට ඇල්ලීමයි.

ඔහුට ජීවත් වීමට නිවසක් නොමැති අතර ඒ වෙනුවට ඔහු භාවිතා කරන්නේ මිනීවලක් වැනි පොළව යට තැනූ ගුහාවකි.
මෙලෙස අමුතුම ආකාරයේ ජීවන රටාවකට හුරුවී ඇති හජි මෙවැනි තීරණ ගැනීමට පෙළඹී ඇත්තේ තරුණ වියේදී ඔහු මුහුණ පෑ හැඟීම්බර සිදුවීම් බව ගම් වැසියන් පවසයි.
කෙසේ වෙතත්, ඔහු සියළු සැප සම්පත් මැද පොහොසත් ජීවිත ගත කරන බොහෝ දෙනෙකුට වඩා සතුටින් ජීවත් වන බව දිස්වෙන බව විදෙස් වාර්තාවල දැක්වේ.

(ඡායාරූප : පකිස්තානයේ ද නේෂන් හා ටෙහෙරාන් ටයිම්ස් ඇසුරෙනි)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles