බ්‍රසීලයේ නිටෙරොයි නගරයේ අති දැවැන්ත වැලි මාලිගාවක් තැනූ කණ්ඩායමක් තම නිර්මාණය ලොව විශාලතම වැලි මාලිගාව දැයි බලාපොරොත්තු සහගතව පසුවෙති. මීටර් 12ක් උසැති මෙම නිර්මාණය සැලසුම් කළේ ඇමෙරිකානු මූර්ති ශිල්පියකු වන රස්ට් කේරාෆ්ට්ය. මේ සඳහා අසල පිහිටි ඉදිකිරීම් පරිශ්‍රයකින් ට්‍රක් රථ 20ක වැලි තොගයක් යොදාගෙන තිබේ.

