13.8 C
London
Wednesday, April 30, 2025
spot_img

X-51A යානාව අතුරුදහන්, පෙන්ටගනය පිලිගනී

පරීක්‍ෂණ අභ්‍යාසයකින් පසුව ඉකුත් බදාදා දින ගුවන් ගත කිරිමට තිබූ නියමිතව තිබූ ස්වයංකී‍්‍රය X – 51ආ හයිපර්සොනික් යානය ඊට පෙර දින සිදු කල පරීක්‍ෂණ වලදී අසාර්ථක වී ඇති බවට පෙන්ටගනයෙන් වාර්තා වී ඇත. එය ගුවන් ගත කර සුළු මොහොතකින් පාලන මධ්‍යස්ථානයේ රෙඩාර් තිරයෙන් අතුරුදහන්ව ඇත.

ඇමෙරිකානු ගුවන් හමුදාවේ ෴අව්එ Rඉද්එර් නම් ගුවන් යානය ශබ්දයේ වේගයට වඩා 6 ගුණයක් වේගයෙන් ගමන් කිරිමේ හැකියාව සහිත වූ අතර අහසට නැඟීමට ගත වනුයේ විනාඩි 5 ක් වැනි කෙටි කාලයකි.

අමෙරිකානු හමුදා යානයේ පරීක්‍ෂන අභ්‍යාසය පිලිබඳ නිල වාර්තාවක් ගුවන් ගත කිරිමට පෙර දින සපයා නොමැති අතර හදිසියේම යානය අකර්මණ්‍ය වූ බව පමණක් ප‍්‍රකාශයට පත්කර ඇත.

යානයේ තටුවල ඇතිවූ දෝෂයක් නිසා එන්ජිම පාලනය කරගැනිමට නොහැකි වීම මෙම පරීක්‍ෂනය අසාර්ථක විමට හේතු වී ඇති බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දෙයි.

නියමුවන් රහිතව ගමන් කළ හැකි මෙම ගූවන් යානයට පැයට කිලෝමිටර් 7245ක වේගයකින් ගමන් කළ හැකි බව යානාවේ නිෂ්පාදකයන් පවසා තිබිනි.

News: foxnews

http://youtu.be/vE3zeoMVPfA

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles