බොලිවුඩ් සිනමාවේ විශිෂ්ට චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වන Yash Chopra මහතා ඩෙංගු උණ වැළදීම හේතුවෙන් 21/10/2012 දින අභාවප‍්‍රාප්ත වී තිබේ. ඉන්දියාවේ, මුම්බායි හි පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.1932 සැප්තැම්බර් 27වැනිදා උපත ලබා ඇති Yash Chopra මහතාගේ මියයන විට වයස අවුරුදු 80කි. දිල්තො පාගල් හේ, වීර් සාරා ඔහු විසින් නිෂ්පාදනය කර ඇති ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් වේ. චිත්‍රපට අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය වෙනුවෙන් ඔහු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
- Advertisement -