යුව්රාජ් සිං, සචින් ටෙන්ඩුල්කාර්ට වඳී

0
148

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් පෙරේදා පැවති සුහද තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව ලෝකයේ අවධානය යොමුව තිබේ.

එම සුවිශේෂී සිද්ධිය වන්නේ, ඉන්දීය ක්‍රීඩක යුව්රාජ් සිං, සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ පාද ස්පර්ශ කර නැමදීම යි.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් පැවති මෙරිල්බෝන් ක්‍රීඩා සමාජය සහ ලෝක කණ්ඩායම අතර තරගය අතරතුර මෙය සිදු විය.

මෙහිදී, සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් මෙරිල්බෝන් කණ්ඩායමට එරෙහිව යුව්රාජ් සිං ලකුණු 132ක් රැස් කළේ ය.

යුව්රාජ් සිං, සචින් ටෙන්ඩුල්කාර්ගේ පාද ස්පර්ශ කළේ, ඉන්දීය සංස්කෘතිය අනුව ඔහුට ගරු කිරීම සඳහා ය.

ඉන්දියාවේ ක්‍රීඩා ලෝලීන් සචින් ටෙන්ඩුල්කාර් දෙවියෙකු ලෙස සලකයි.

http://youtu.be/HE473T3upgU