9.9 C
London
Monday, September 29, 2025
spot_img

දින 3ක් ගිනි කදු කුහරයේ සිරවී සිට මිය ගිය ජුලියානා

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ පිහිටි සක්‍රීය ගින්නු කන්දක් වන මවුන්ට් රින්ජානි (Mount Rinjani) කන්දට නගිමින් සිටින අතරතුරදී කඳු මුදුනෙන් අඩි 1000ක් (මීටර් 300ක් පමණ) පහලට ඇද වැටුණු බ්‍රසීලියානු තරුණියක වූ ජුලියානා මරින්ස් (Juliana Marins), ආරක්ෂක කණ්ඩායමක් ඇය වෙත ළඟා වීමට පෙරම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇයගේ පවුලේ සාමාජිකයන් තහවුරු කර ඇත.

වයස අවුරුදු 26ක් වූ ජුලියානා, ජුනි 21 වන සෙනසුරාදා දින මිතුරන් සමඟ මෙම ගිනි කන්ද නැගීමේ ගමනේ නිරතව සිටි අතර, වළාකුළු සහිත ප්‍රදේශයකදී ගමන් කල මාර්ගයෙන් පහළට ඇද වැටී අදික රස්නයක් සහිත පර්වතයක දින 3 ක් තිස්සේ හිරවී සිට පසුව මියගොස් තිබෙනවා. ආරක්ෂක කණ්ඩායම් වලට ඇයගේ උදව් ඉල්ලන විලාපයන් ඇසුනත් drona යාත්‍රා මගින් ඇය ජිවතුන් අතර සිටින බව තහවුරු කර ගත්තද ඇය සිටින ස්ථානයට ලගා වීමට දින 3ක් ගතවූ අතර ඔවුන් ලගා වන විට පර්වතයෙන් ඇද වැටීමෙන් සිදු වු තුවාල නිසා ඇය ජිවිතයෙන් සමුගෙන තිබුණි.

ලොම්බොක් පොලීසියේ නිකොලස් ඔස්මාන් මහතා පවසන්නේ, “සන්චාරය අතරතුර ජුලියානා දැඩි වේදනාවක් අත්විඳි අතර, මග පෙන්වන්නා ඇයට විවේකයක් ගන්න ලෙස උපදෙස් දුන්නා. මිතුරන් සහ මග පෙන්වන්නා කදු මුදුනට ගොස් නැවත පැමිණෙන විට ජුලියනා එහි නොසිටි බවත් පසුව ඇයගේ උදව් ඉල්ලා කෑ ගසන ශබ්දය අනුව ඇය කන්දෙන් වැටී ඇති බව දැන ගත් බවය.

Previous article

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles