මෙම අප්‍රේල් 20 සිට 23 දක්වා සිලෙට්හිදී පැවැති බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පළමු ටෙස්ට් තරඟය සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 3 ක උණුසුම් ජයක් අත්කරදෙමින් නිමාවට පත්විය. මෙය ඔවුන් 2021න් පසු ලැබූ පළමු විදේශීය ටෙස්ට් ජයග්‍රහණය ලෙස සටහන් වේ . බංග්ලාදේශය පළමු ඉනිමේදී 191ක් ලබා ගත් අතර දෙවැනි ඉනිමේදී 255ක් රැස් කළහ. සිම්බාබ්වේ පළමු ඉනිමේදී 273ක් සහ දෙවැනි ඉනිමේදී 174/7ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කර ගත්තේය. තරඟයේදී සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රයන් බෙනට් ඉනිම දෙකෙදිම අර්ධ ශතක ලබා ගෙන ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේය. බංග්ලාදේශයේ මෙහෙදි හසන් මිරාස් තරඟය පුරා කඩුලු 10ක් ලබා ගැනීමත් , සිම්බාබ්වේ කණ්ඩායමේ බෙන් කර්රන් සහ බ්‍රයන් බෙනට් පළමු ඉනිමේදී 95 රන්ගේ ආරම්භක හවුලක් ගොඩනැංවීමත් විශේෂ අවධානයට ලක් විය. තරඟයේ ක්‍රීඩකයා ලෙස නම් වූයේ සිම්බාබ්වේ වේගපන්දු යවන්නා වූ බ්ලෙසිං මුසරාබානි වන අතර ඔහුගේ පන්දු යැවීම තරඟය ජයගැනීමේ මූලික හේතුවක් විය. මෙම ජයග්‍රහණය සමඟ සිම්බාබ්වේ කණ්ඩායම තරග 2කින් යුතු තරගාවලියේ 1-0 ලෙස ඉදිරියෙන් පවතින අතර, දෙවැනි ටෙස්ට් තරඟය මැයි 1 සිට ඩකාහිදී පැවැත්වීමට නියමිතය.